කෙනකු මරණයට පත් වූ පසු සිදු වන්නේ කුමක්ද? ඔබ මරණයට පත් වුවත් ඔබ තවමත් එතන සිටින බව ඔබ ඇසුවාම ඔබට පුදුම හිතේවි. ඔබ මරණයට පත් වූ පසු අවට අය වැලපෙමින් සිටින අතර ඔබ සිරුරෙන් වෙන් වී ගොස් සිදු වන දේවල් දකිමින්, ඇහෙන දේවල් අසමින් සිටීම ඔබට අත්දකින්න පුළුවන් වේවි. මේකට කියන්නේ ශරීරයෙන් ඉවතට පා වී යෑම කියලයි.

අපට නොපෙණෙන ලෝකයෙන් අපට කෙරෙන පලපෑම්

තුන්මාසයක් රෝද පුටුවේ සිටි සුජීවා පිරිත් බලයෙන් නැගිට ගොස් බුදුන් වැන්දාය



තුන්මාසයක් රෝද පුටුවේ සිටි සුජීවා පිරිත් බලයෙන් නැගිට ගොස් බුදුන් වැන්දාය දවස 2014 ජනවාරි මස
12 වනදාය. අලූත් දවසක් අරඹන්නට සූදානම්ය. වෙලාව අලූයම 5.30ට පමණ ඇත. මෛත‍්‍රී සෙවණ ආරාමයේ පිරිස උදෑසන කිරි ආහාර පූජාව තබන්නට ලහි ලහියේ සූදානම් වෙමින් සිටියහ. ආරාමයේ ගේට්ටුවට කවුරුන් හෝ තට්ටු කරනු ඇසිණ. උපාසක මහත්මයෙක් ගේට්ටුව විවෘත කර බලන විට රෝද පුටුවක් මත කාන්තාවක් තබාගෙන පැමිණි පිරිසක් දක්නට ලැබිණ. පෙර දින සවස සිටි එළිවෙන තෙක් රෝගින් වෙනුවෙන් වැඩ කර වෙහෙසව සිටි මෑණියන් විවේක සුවයෙන් පසුවෙමින් සිටියේය. ”මෑණියනි උදයෙන්ම ලෙඩෙක් අරන් ඇවිල්ලා..මොකද කරන්නෙ..” උපාසක මහතා ඇසුවේය. ”ඇතුළට ඇවිල්ලා වාඩිවෙන්න කියන්න මම එන්නම්..” මෑණියන් කීවාය. රෝගියා සමග පැමිණි අය පිටව ගොස් නැවත පැමිණියේ දහවල් බුද්ධ පූජාවට අවශ්‍ය කළමනාද රැගෙනය. ඔවුන් සියල්ල කළේ ඉතාම ශ්‍රද්ධාවෙන්ය.සාමාන්‍යයෙන් රෝගීන් බැලීම සඳහා මෑණියන් පැමිණෙන්නේ දහවල් බුද්ධ පූජාව තැබීමෙන් පසුවය. නමුත් මෙදින නවයයි හතළිස් පහ පමණ වෙද්දි මෑණියන් පැමිණියාය. ධර්ම ශාලාවේ බොහොම අමාරුවෙන් රෝදපුටුවට වී සිටි කාන්තාව සිටින අන්දම මෑණියන් දුටුවේය. වයස අවුරුදු 40ක පමණ පෙනුමැති ඇය ළඟට ගිය මෑණියන් ඇයගේ හිස අතගා ”මොකද පුතේ ..” කියා විමසුවාය. එවිටම මේ කාන්තාව අඬන්නටත් ගැහෙන්නටත් පටන් ගත්තාය.”පුතේ මේ දරුවා විහාර ගෙට අරන් වරෙල්ලා ..” මෑණියන් කිවාය. තවමත් බුදුගෙයි කටයුතු සකස් වී නැති නිසා ඒ බැව් උපාසක මහතෙක් දැන්නුවේය. ”කමක් නැහැ පුතේ දෙහි ගෙඩි කිපයකුයි පිරිත් නූලූයි අරන් වරෙල්ලා..” මෑණියන් කීවාය. දෙදෙනකු විසින් ඔසවාගෙන ආ කාන්තාව මෑණියන් ඉදිරියේ වාඩිකරවූයේය. ඇය සිටින්නෙ ගැහෙමින්ය. මෑණියන් තෙරුවන් ගුණ සිහි කරමින් රෝගියාගේ හිස මත මෑණියන්ගේ අත තැබුවාය. හිසමත තබා ගාථා කියා දෙහි ගෙඩි කපා පිරිත් නූල බැන්දේය. ”හා දැන් පුතේ නැගිටිමු බලන්න..” මෑණියන් කීවාය. ඇය වටපිට බැලූවේ තුන්මාසයක් රෝදපුටුවේ සිටි මටද මේ කියන්නේ කියාය.”නැගිටින්න පුතේ..නැගිටින්න..” නැවත මෑණියන් කීවේය. මෑණියන්ගේ බලකිරීම නිසා ඇය නැගිටින්නට වෙර දැරුවාය. ඇය සිටගත්තාය. සියල්ලෝම දෑස් අයා සිටින්නේ විශ්මයෙන්ය. ”දැන් යන්න අර දොර ළඟට ඇවිදගෙන..” කියා අඩි කිහිපයක් ගිය පසු ඇයගේ අතින් අල්ලා ගත් මෑණියන් ඇයව බුදු ගෙයින් එළියට පා ගමනින් රැගෙන එද්දී අවට සිටි අයද සිටියේ විශ්මිතවය.ආරාමයේ චෛත්‍යරාජයා පිහිටා ඇත්තේ අඩි 15ක් පමණ උසින් වූ තැනෙකය. එයට ගොඩවීමට ඇත්තේ පඩි පෙළකි. එය රෝගියෙකුට තබා නිරෝගියෙකුටවත් නැග ගැනීම පහසු නැත. ”මගෙ පුතා දැන් පඩිටික නැගලා බෝධීන් වහන්සේ වඳින්නකො..” මෑණියන් අර කාන්තාවට කීවේය. දැක පුරුදු අයට පුදුමයක් නොවුණත් මෙය අලූතින් පැමිණ සිටි අයට නම් විශ්මිත හාස්කමක්ම විය. කාන්තාවගේ සැමියා සිටියේ නෙත් අදහාගත නොහැකිවය. ඔහුගේ දෑසින් කඳුළු ගලන්නට ගත්තේය. සතුට නිම් හිම් නැත. ”පුතේ මෙන්න පුතේ අම්මා ඇවිදිනවා..මෙන්න අම්මා නැගිටලා යනවා..” ඔහු තම පුතුනට හඬගා කීවේය. දරුවන් තිදෙනා තම අම්මා බලන්නට දිව ආහ. අම්මා පඩිපෙළ බැස එන අන්දම දුටු ඔවුන්ගේ දෑස් ක`දුළින් පිරෙනු කවුරුත් දුටුවේය. ඇත්තෙන්ම එය දුටු කාටත් සතුටු කඳුළු ඉනූහ. කාන්තාව නැවතත් පඩිපෙළ නැග බෝධිය අසලට ගියාය. ඇය සිහිනයක් දකිනවා යැයි සිතන්නට ඇත. ඇය දොහොත් මුදුන් දී බෝධිය වඳිමින් දෙපා ඔසවා තබා යන්නීය. අනතුරව ඇය බුද්ධ පූජාවට සහභාගි වූවාය.ඇයගේ ස්වාමියා වන සුරේන්ද්‍ර මහතා දැන් සිටින්නේ හද පිරි සතුටිනි. ඔහු සිය හඬ අවදි කරයි. ‘මට තාම අදහන්න බැහැ මේ ප්‍රාතිහාර්යය..මම මගේ දරුවො ජීවත් කරවන්නෙ වඩු වැඩ කරලා..ලොකු පුතා මේ පාර උසස් පෙළ විභාගයට ලියනවා..අනිත් තුන්දෙනත් ඉගෙන ගන්නවා තාම.. දැරුවො නිසා එයා හිටියෙ හරිම දුකෙන්.. අපි ගිහින් දොස්තරලාට පෙන්නුවා.. පුංචි හරි බර වැඩක් කරන්න දෙන්න එපා කිව්වා.. හොඳ කරන්න අමාරුයි කිව්වා.. ලක්ෂ තුන හමාරක් විතර යනවා කිව්වා වෙදකමට.. අපිට එක පාරට ඒ තරම් මුදගලක් හොයාගන්න බැහැ.. අපි හිතුවා තැන් තැන්වල ගිහින් මේ කතාව කියලා සල්ලි හොයාගන්න.. එතකොට තමයි ළඟ ගෙදරක නංගි කෙනෙක් රිවිර මියුලැසි පත්තර කෑල්ල ගෙනත් දුන්නේ.. අපිත් තීරණය කළා මෙතෙන්ට යන්න ඕනෙ කියලා.. මෑණියන්ට බුදුබව අත්වෙනවා මේ කරපු උතුම් පින්කමට.. අපිට ලොකු නිදහසක් අරන් දුන්නේ.” ඔහු දොහොත් මුදන් දී මෑණියන්ව පෙන්වමින් කීවේය. මේ සමගම මා මේ රෝගී අයගේ වැඩිමහල් දියණිය සමගද කතා කළෙමි.”මම මේ සැරේ සාමාන්‍ය පෙළ විභාගයට ලිව්වා.. එතකොට අම්මා හිටියෙ කොළඹ ජාතික රෝහලේ.. මම තමයි අම්මා ළඟ හිටියේ.. මම පාඩම් කළේ.. අම්මා ගාව ඉදමින්.. මම හිතුවෙ නැහැ මේ වාගේ දෙයක් වෙයි කියලා.. මට අදහන්න බැහැ අම්මා දෙපයින් යනකොට..” ඇය සිය දෑස්වල කඳුළු පිසිමින් කියන්නීය. රෝගිව පැමිණි සුජීවා නිශාන්ති ඇයගේම දෝතින් පැමිණ සිටින අයට බිස්කට් බෙදන්නීය. ඇය දැන් සිටින්නේ පුදුමාකාර සතුටකිනි. අනතුරුව බුද්ධ පූජාව පූජාකර පින් සිරිත් කළාය.”ධම්මෝ හවේ රක්ඛති ධමමචාරි” ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රක්ෂා කරති යන්නට තවත් එක් උදාහරණයක් මෙසේ අප ඇස් ඉදිරිපිටදීම සාක්ෂාත්විය.”මෙය සත්‍ය සිදුවීමක් වන අතර මෙහි සදහන් නම් ගම්ද සත්‍ය වේ.
පවිත‍්‍රා බණ්ඩාරනායක
ඡයාරූප-දිවිතුර අමීෂ බණ්ඩාර
රිවිර පුවත්පතිනි



මියගියත් දියණිය දමා නොගිය තාත්තා


වසර 17 මුළුල්‍ලේ නොයෙක් රෝග පීඩාවන්ට ලක් වී සිටි කාන්තාවක් “මෛත්‍රී සෙවණ” ආරාමයේ අප මෑණියන් විසින් සුවපත් කළ ආකාරයයි. වෙනදා වගේම අදත් සුදුවතින් සැරසුණු සැදැහැවතුන් ලහි ලහියේ සැරසෙන්නේ අනන්ත වූ බුදුගුණ බලයෙන් තම ගත සිත සනසා ගන්නටයි.

ආරාමයේ ඝණ්ටාරය තෙවරක් නාද වීමත් සමගම පැමිණ සිටි සියලුම දෙනා ධර්මශාලාවේ සිට විහාර මන්දිරය දක්වා එක පෙළට පෙළ ගැසී ත්‍රිවිධ ෙචෙත්‍යයන් උදෙසා පූජාවන් තැන්පත් කිරීමෙන් අනතුරුව මෑණියන් විසින් සම්බුද්ධ පූජාවත්, බෝධි පූජාවත් පවත්වා පැමිණ සිටි සියලුම දෙනාගේ හදවත් ශ්‍රද්ධාවෙන් පුරවන ලදී.

සම්බුද්ධ පූජාවෙන් අනතුරුව සෙත් පිරිත් සජ්ඣායනා කර සියලු දෙනාගේ ගෙලට පිරිත් නූල් පැලඳවීමෙන් අනතුරුව මෑණියන් විහාර මන්දිරයෙන් නික්ම යන ලදී. දැන් සියලු දෙනාම පුන පුනා බලා සිටින්නේ තමන් පෙළෙන කායික හා මානසික පීඩාවන්ගෙන් මිදීමේ අධිෂ්ඨානයෙන් මෑණියන් හමුවීමටය. සුන්දර රාත්‍රියේ නවය පසු වී විනාඩි පහක් පමණ ගත වී තිබුණි. ආරාමයේ ධර්මශාලාව තුළ රැස්ව සිටි මහ පිරිසක් අතරින් කාන්තාවක් ක්ලාන්තව  බිම දිගා වී සිටින ආකාරය මටද දැකගත හැකි විය. ඇය වටකරගෙන තවත් කීප දෙනකු ඇය දෙස මහත් ඕනෑකමින් බලා සිටින ආකාරයද මට දක්නට ලැබුණි. පෙනුමෙන් නම් ඒ අය දමිළ පිරිසක් බව ඕනෑම කෙනකුට අවබෝධ කර ගැනීමට අපහසු නොවීය. 

රාත්‍රී නවයයි දහය පමණ වන විට සුදුවතින් සැරසුණු මෑණියන් විහාර මන්දිරයට පැමිණ දහසකුත් බලා‍පොරොත්තු අතරින් පැමිණි නොයෙක් රෝගීන් සුවපත් කිරීම අරඹන ලදී. එවිට එක්වරම “අනේ මෑණියනි, අපේ දුවට ටිකක් අමාරුයි. ඉක්මනට මොනවා හරි කරන්න. ඔබ වහන්සේට බුදුබව ලැබේවි” යනුවෙන් මා මුලින් සඳහන් කළ කාන්තාවගේ මව යැයි සිතිය හැකි කාන්තාවක් මෑණියන්ගේ දෙපාමුල වැඳ වැටී හ¾ඩමින් පවසන ආකාරය බලා සිටි සියලු දෙනාගේ හදවත් කම්පා කරන දර්ශනයක් විය. ඒත් මෑණියන්ගේ පිළිතුර වූයේ “කලබල වෙන්න එපා. එයිට නිදහසේ ඉන්න අරින්න” යනුවෙනි. එසේ පැවසූ මෑණියන් අනෙකුත් රෝගීන්ගේ කරුණු විමසමින් ඔවුන් එකිනෙකා සුවපත් කරන ලදී. කිහිප දෙනකු සුවපත් කිරීමෙන් අනතුරුව “දරුවනේ අර ලෙඩාව මෙහාට ගනිල්ලකෝ, බලන්න” යනුවෙන් මෑණියන් පැවසීය. මෙම කාන්තාව මෙතැන් පටන් රාණි ලෙස අපි හඳුන්වමු. 
මෑණියන් එසේ පවසනවාත් සමගම ක්ලාන්තව නිදා සිටි කාන්තාව “මට නම් යන්න බෑ මම යන්නේ මගේ කෙල්ලවත් අරගෙන” කියා කෑ ගසමින් වැනි වැනි පැමිණ මෑණියන් ඉදිරිපිට ඇද වැටුණි. ඇගේ කෙස් වැටියෙන් අල්ලාගත් මෑණියන් “උඹ මේ දරුවා අතහැරලා යනවාද?” යැයි ඇසීය. එවිට රාණිගෙන් ලැබුණු පිළිතුර වූයේ “මට නම් බෑ... මේකි තමයි මට සැලකුවේ... ඉතින් මම කොහොමද මගේ කෙල්ලව අතඇරලා යන්නේ.”

මෑණියන් : හා කියපන් බලන්න උඹ මේ කෙල්ලගේ කවුද කියලා.”රාණි : තාත්තා, තාත්තා මම මේකිගේ තාත්තා. මම රටකජු විකුණලා තමයි මගේ දරුවන් හදා වඩා ගත්තේ. මට දරුවෝ පස් දෙනෙක් ඉන්නවා. ඒ වුණාට මට සැලකුවේ මගේ රාණි කෙල්ල විතරයි. ඒ හින්දා මට මේකිව දාලා යන්න බෑ.”

මෑණියන් : ඉතින් පුතේ උඹ මේ දරුවට ආදරෙයි නම් මේ දරුවව ලෙඩ කරලා හරියන්නේ නෑනේ. එහෙම කරලා උඹ තවත් පව් පුරවාගෙන ඔය ආත්මෙ දික්කර ගන්න එකනේ කරන්නේ. කොහොමද උඹට ඔය ආත්මෙ හොඳයිද?රාණි : අනේ මැණියනි, මොන හොඳක්ද. දැන් අවුරුදු 17 ක් තිස්සේ මම ඉන්නේ බඩගින්නෙ. මට කන්න ඕනේ.”

මෑණියන් : හොඳයි උඹට ඕනේ දේවල් මම කන්න දෙන්නම්. උඹ මේ දරුවගෙ ලෙඩ සේරම සුවපත් කරලා අයින් වෙනවද?”
රාණි : අනේ මෑණියනි, මට මෙතන ඉන්න බෑ. මාව පිච්චෙනවා. මට ඉක්මනට කන්ඩ දෙන්න. මම මෙතනින් යන්නම්.” 
මෑණියන්: ඔය කන්න සකස් කරපු දේවල් මෙහාට ගෙනෙල්ලකෝ බලන්න”

පෙරදිනක මේ අමනුෂ්‍ය ආත්මය කන්නට ඉල්ලූ සියලු දේ සකසා රාණි ඉදිරිපිටින් තබන ලදී. “හා ඔන්න තියෙනවා කාපන්. උඹට ඕවා කැපයි” මෑණියන් පවසනවාත් සමගම මහ හයියෙන් හිණාවුණු රාණි ඒ ආහාර කන්න පටන් ගත්තේ කිසි දිනක ආහාර නොදැක්කකු ලෙසය. ඉදුණු කටු අනෝදා ගෙඩියක් අතින් කඩාගෙන මුළු මුහුණ පුරාම තවරාගෙන කාපු ආකාරය මතක්වන විට මට නම් කටු අනෝදා කෑම සදහටම එපා විය. අනෙක් ආහාරද ඇය අනුභව කළේ නියම ප්‍රේතයකුගේ ස්වභාවය විදහා පාමින්ය. ඒ ආහාරය අනුභව කිරීමෙන් අනතුරුව “කොයි මට රට කජුයි, සීනියි ගෙනත් දීපල්ලා” යැයි රාණි විසින් හඬනගා ඉල්ලන ලදී. කුඩා වංගෙඩියකුත්, මෝල් ගහකුත් සමග සීනිත් රටකජුත් රාණිගේ අතට ලබාදුන් අතර මහල්ලකු බුලත් විට කොටන ආකාරයට බොහෝම අපූරුවට කොටමින් ඒවාද අනුභව කරන ලදී. “මම ඉන්න කා‍ලේ රටකජුයි, සීනියි කොටලා කන්න හරි කැමැතිය” යනුවෙන් මේ අතර රාණි පැවසීය.

මෑණියන් : උඹ දැන් හොඳට කෑවා බිවනේ. දැන් ඉතින් ඉස්සර වෙලා මේ දරුවගෙ සියලු ලෙඩ සුවකරලා දරුවගෙ ශරීරයෙන් අයින් වෙයන්. අද ඉඳලා තුන්මාසයක් ගතවන්නට මත්තෙන් අටපිරිකර පූජාවක් සිද්ධ කරලා මම උඹට පිං දෙනවා. උඹ ඔය ආත්මෙන් අත මිදිලා සුගතිගාමී තැනකට පලයන්. උඹ යන්න කලියන් ඔය ප්‍රේත ආත්මයේ ඉපදෙන්න කරපු අකුසලය මොකක්ද කියපන්කෝ. මේ ඉන්න අයටත් දැනගන්න, රාණි : “අනේ මෑණියනි, මම ඉන්න කා‍ලේ මේ දරුවන් ‍පෝෂණය කරන්න දුක් වින්දා මිසක් පිනක් දහමක් කරන්න බැරිවුණා. මට දැන් තමයි තේරෙන්නේ මම පිං කරපු නැති එකේ විපාකය. අද මම මේ දුක් විඳින්නේ ඒ නිසයි.”

මෑණියන් : උඹ ඉන්න කා‍ලේ පන්සල් එහෙම ගියේ නැද්ද?”
රාණි : ආනේ මෑණියනේ මට පන්සල් යන්න වෙලාවක් කොහෙද? මුන් වෙනුවෙන්ම හම්බ කරා මිසක්.”
මෑණියන් : හොඳයි, හොඳයි ඉතින් උඹලා කරපු පව් උඹලම විඳින්න එපායැ. දැන් ඉතින් උඹ මේ දරුවව සුවපත් කරලා මේ ශරීරයෙන් ඉවත් වෙලා යන්න ඕනේ.”

ඉන් අනතුරුව රාණි තම පියා ලෙස හැසිරෙමින් තම බිරිඳටත්, දරුවන්ටත් ළඟට කතා කරමින් “අනේ පුතේ මම අද යනවා. උඹලා හොඳින් ඉඳපල්ලා” කියා අඬමින් තම දරුවන්ගේත්, බිරිඳගේත් හිස අතගාමින් වැළපෙන්නට විය. මේ දර්ශනය දුටු බොහෝ දෙනකුගේ දෙනෙතින් ගැලූ කඳුළු බිඳු කම්මුල් දිගේ පහළට වැටුණු ආකාරය මම දුටුවෙමි. මෑණියන් විසින් පිරිත් කියා මුහුණට පිරිත් පැන් ඉසීමෙන් අනතුරුව රාණිට පියවි සිහිය ලැබුණි. පසුව මෑණියන් ඉතා කරුණාවෙන් “මගේ පුතාට දැන් කොහොමද?” යැයි රාණිගෙන් විමසීය. “අනේ මෑණියනි, මගේ ඇඟට දැන් පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා. අවුරුදු 17 ක් මුළුල්‍ලේ මම වින්ද වේදනා අපමණයි. මට දැන් හොඳටම සුවයි. ඔබ වහන්සේට බුදුබව ලැබෙන්න ඕන” කියමින් රාණිත්, රාණිගේ පවු‍ලේ සියලු දෙනාත් සතුටු කඳුළු වගුරවමින් මෑණියන්ගේ දෙපාමුල දණින් වැටී නමස්කාර කරන ලදී.
අනතුරුව පැමිණ සිටි සියලු දෙනා අමතා මෑණියන් පැවසුවේ “අපේ මිනිස්සු මුළු ජීවිත කාලය පුරාවටම වෙහෙසෙන්නේ. දුක් විඳින්නේ දාලා යන දේවල් එකතු කරන්නයි, අඹු දරුවන්, ඉඩකඩම්,වතුපිටි,මිල මුදල් මේ සියල්ල කෙදිනක හෝ අප අතහැර යා යුතුයි. නොයෙකුත් දුක් ගැහැට විඳිමින් ආශාවෙන් රැස් කරන මේ වස්තූන් අතහැර යාම මරණාසන්න මොහොතේදී හැමෝටම මහා දුකක්. වේදනාවක්. එම හේතුව නිසාම මරණින් පසු සතර අපායේ උපත ලබනවා. ඉන් මිදීමට නම් දාලා යන දේ නොව රැගෙන යන දේ රැස් කිරීමට උත්සාහ කළ යුතුයි. සියලු ආශාවන් දුරුකොට වැඩි වැඩියෙන් කුසල් දහම් කළ යුතුයි” මෑණියන් කරුණාබර හදවතින් පැවසීය.මෙය සත්‍ය කතාවක් වන අතර මෙහි සඳහන් වන නම් ගම් පමණක් මනඃකල්පිතය.
දැසෙන් දැක අකුරු කළේ:  
පවිත්‍රා බණ්ඩාරනායක



මව් පදවිය අහිමි වූ නිමාලි ටීචර් අප්සරාට වින කළ අන්දම 

නිමාලි උගන්වන්න හරිම දක්ෂතාවයක් තියෙන ගුරුවරියක්. ඒ හැකියාව ඇයට ලැබුනේ කුඩා අවදියේමයි. ඇය පාසල් හමාර වී ගෙදර ආ විගස අම්මාගේ සාරියක් ඇඳගෙන අගේට බිත්තිවල ලිය ලියා අකුරු උගන් වන්නේ එයාගේ අම්මාට කවදා හරි මගේ සුදු දුව නම් ඉතින් ටීචර් කෙනෙක්ම තමයි කියලා අම්මා මුළු හදවතින්ම ප‍්‍රර්ථනා කළේ දාරක සෙනෙහසින්. ඒ පැතුම් කාලයේ මාරුවෙන් ඉටු වුණේ නිමාලි විද්‍යා පීඨයට තේරී වසර ගණනක පුහුණුවෙන් පසු ගුරු පත්වීමක් ලැබී පාසලකට එක් වීමෙන් අනතුරුවයි. ”නන්දන අන්න බලපන් අලූත් ටීචර් බැබළි බැබළි එන හැටි.. දැන් නම් ඉතින් මෙදා පාර උඹටත් හො`ද කලක් ගෙවෙයි වගේ්..”නිමාලිට වඩා අවුරුදු පහක් පමණ වැඩිමහල් නන්දන තවමත් විවාහ වී නොසිටියේ ඔහුට ගැළපෙන යුවතියක් හමුනොවුණ නිසා වන අතර, නිමාලි නන්දන උගන්වන පාසලට පැමිණි දිනයේ්ම ඇය පිළිබඳ සිතිවිල්ලක් ඔහුට ඇති වී අවධානය අලූත් ගුරුතුමිය වෙත යොමු වූයේ නන්දනත් නොදැනීමය. කාලයාගේ ඇවෑමෙන් නන්දනත් නිමාලිත් හෙළ කුලසිරිතට විවාහ වුණ අතර නන්දන සෑදූ අලූත් නිවහනේ සෙනෙහස් සුවඳ ඉතිරී පැතිරී යන්නට වූයේ ආදරයේ සෙනෙහේ දිය ගලා හැළුන නිසාය. කාලය ගෙවී ගියත් මේ දෙදෙනාට කිරි සුවඳ දකින්නට වාසනාව අහිමි විය. ”මොනවා කරන්නද නන්දන මේ අපි පතාගෙන ආ හැටි වෙන්නැති.. කවුරු හිටියත් අන්තිමට ඉන්නේ අපි දෙන්නට දෙන්නා විතරයි.. ළමයි හය දෙනෙක් හදපු අම්මයි තාත්තායි අන්තිමට මහලූ නිවාසේ දාලා යන ළමයි දැන් ඉන්නේ” නිමාලි නන්දනට එසේ පැවසුවත් නිමාලිගේ හිත ඒ වෙන කොට ඇයට භාරදී තිබෙන නවයේ පන්තියේ ඉගෙනුම ලබන අප්සරා කෙරෙහි අදහසක් පහළ වී ඇති බව ඒ වන විට දැන සිටියේ නිමාලිම පමණකි. ඒවන විටත් අප්සරාට නිමාලි විසින් ඇයගේ ඕනෑ එපාකම් සකසමින් අඩුපාඩු සොයා බලමින් උදව් උපකාර කරන්නට විය. හිත හොඳ හදවත් ඇති ගුරු මෑණිවරුන් පියවරුන් ඒ ලෙස දරුවන්ට සැලකීම පුදුමයක්ද නොවේ. එහෙත් නිමාලිගේ අරමුණ ඒ සද්භාවයක්ද නොවේ වෙනත් අරමුණක් මත මේ උපකාර සිදුවන බව අප්සරාද දැන සිටියේ නැත. ඇයද නිමාලිට සිය මෑණියන්ට සේ සලකන්නටද ගරු කරන්නට ද විය. ”අප්සරා කැමති නැද්ද අපේ දිහා එන්න..”යැයි ඇය දිනක් අප්සරාගෙන් විසමසීය. ”ඇයි ටීචර් ඉතින් අපි ඉස්කෝලෙදි හමු වෙනවානේ.. ආයේ ඉතින් ගෙදර එන්න ඕනෑයැ” ”නෑ ඉතින් දවසක් දෙකක් අපේ ගෙදර ඉඳල ඉස්කෝලේ එමු..” ”මම අම්මාගෙන් අහලා කියන්නම් කෝ..” අප්සරා කීවාය. ”එහෙනම් හෙට එනකොට අහගෙන එන්න.. ” දරුවෙකු නොමැති නිසා කල්පනා සයුරක නිමග්නව සිටි නිමාලි තම සිත තුළ මෝදු වුණ පාළුව තනිකම මකා ගත්තේ අප්සරාට උපකාර කිරීමෙනි. පසුවදා අප්සරාගෙන් ලද පිළිතුරෙන් නිමාලිගේ සිත තව තවත් මිහිරෙන් මිහිරට පත්වන්නට විය. නිමාලි සමග අප්සරා ඇයගේ නිවසට ගියාය. අප්සරාට තමන්ගේම දරුවෙකුට සේ ඔවුන් සලකන්නට විය. දින දෙකක් සිටි අප්සරා නැවතත් තමන්ගේ නිවසට එන්නට තීරණය කළේ තමන්ගේ අම්මාත් තාත්තාත් නංගීත් මල්ලීත් සිහිපත් වීමෙනි. ”මම හෙට ගෙදර යනවා ටීචර්..” යැයි ඇය නිමාලිට පැවසුව අතර නිමාලිගේ සිත පයේ දැවටුන නිදිකුම්බා ගසක් සේ මලානික විය. ”හා එහෙනම් කමක් නෑ.. ආයේත් එන්නකෝ.. අපෙන් වරදක් වත් වුණාද අප්සරාට..” ” අනේ නැහැ ටීචර්... ”මම එන්නම්කෝ අප්සරාගේ අම්මයි තාත්තයි එක්ක ටිකක් කතා කරන්න..”ඇයගේ සිත් තුළ අප්සරා පිළිබඳ බලාපොරොත්තු දින දින ඉහළ යන අතර අප්සරා මේ කිසිවක් දැන සිටියේද නැත. නිමාලි ටීචර් එක් දිනක අප්සරාට නොදැනෙන්න ඇයගේ දෙමාපියන් මුණ ගැසෙන්නට නිවසට ගියාය. ”මම මේ ආවේ අප්සරාගේ අම්මයි තාත්තායි එක්ක පොඩි කාරණාවක් පිළිබඳව කතා කරන්න..” ”අනේ නෝනා අපේ කෙල්ල මොකක් හරි පටලැවිල්ලක්වත් කරගෙනද..” ”අනේ නැහැ අප්සරාලගේ අම්මේ..” ”එහෙනම් නෝනේ..” ”මම මේ පුංචි කාරණාවක් අහන්න ආවේ මම ඉතින් අප්සරාට ආදරේ කරන්නේ මගේ දරුවෙකුට වගේනේ.. ඒක දන්නවානේ ඔයාලා ඉතින් මට දෙන්නකෝ අප්සරා දරුවෙක් වගේ හදා ගන්න..” යැයි ඇය පැවසු විට අප්සරාගේ අම්මාටත් තාත්තාටත් දෙලෝ රත් විය. ”අනේ නෝනේ ඒකනම් කීයටවත් කරන්න බෑ.. අපි දුප්පත් මිනිස්සු බව ඇත්ත ඒත් මේකට නම් කොහෙත්ම අපි කැමති නැහැ.. මේ දරුවෝ තුන්දෙනා අපි හදා ගන්නේ අපේ නේත‍්‍රා වගේ බලාගෙන අනික අපේ දරුවෝ කාටවත් දෙන්න උවමනා නැහැ මට තවම ගොවිතැනක් බතක් කරලා කුලියක් මලියක් කරලා මගේ දරුවෝ රැක ගන්න පුළුවන්..” යැයි අප්සරාගේ තාත්තාද නිමාලි ටීචර්ට පැවසු අතර ඇය බලාපොරොත්තු කඩ වූ හදින් යුතුව සිය නිවසට පැමිණියාය. මේ කිසිවක් නන්දන දැන සිටියේද නැත. කුරුණෑගල ප‍්‍රදේශයේ ජීවත්වූ නිමාලිලාට ඒවන විට පොල් අක්කර ගණනාවක්ම හිමිව තිබූ අතර නිවස පිහිටා තිබු වත්තේ ද සරු සාර පොල් වගාවක්ද තිබුණි. එක් දිනක් රාති‍්‍රයේ ඇය නිවසින් පිට විය. එදා නිමාලිට උරුමයට වඩා පතාගෙන ආ දෛවය නමැති කරුමය පටිසන් දෙන්නට විය. ඇය කිසිසේත්ම නොසිතූ පරිදි මිදුලේ සිටි පොළෙඟකු දෂ්ට කළේය. නන්දන මෙන්ම ගමේ උදවියද ඇයව නගරයේ ඇති මහ රෝහල වෙත රැගෙන ගිය අතර දින තුනක් පමණ අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ ඇය යළි නොඑන ගමන් යන්නට සදහටම දෙනෙත් පියා ගත්තාය. ඇය මියයන මොහෙතේත් විමසුවේ රූමත් අප්සරා පිළිබඳවය. ”කෝ මාව බලන්නට අප්සරා දුව අද ආවේ නැද්ද.. නන්දන..” යැයි අවසන් වරටද දෑස් කරකවා ඇය අප්සරාව සෙවීය. පාසල් ළමුන් මෙන්ම ගුරු මණ්ඩලයද නිමාලිට සිදුවුණ විපත පිළිබඳ දුක් වු අතර නන්දන දෙලොවක් අතර අතරමං වූයේ ජීවිතයේ දුකට සැපට තනි නොතනියට සිටි ප‍්‍රියම්බිකාව නොසිතූ මොහෙතක තමන් හැරයාම පිළිබඳව මුළුහදවතින්ම තැවි තැවිය. නිමාලිට පාසලේ ළමුන් තොරණ බැන්දේ ‘සදාදර ගුරු මැණියනි ඔබ නිවනින් නිවෙනු මැන’ යනුවෙන්ය. නිමාලිගේ හත් දවසේ දානය ද දීමෙන් අනතුරුව නන්දන සිය නිවසේ තනි වූ අතර, ඔහු තම සිත එක් අරමුණක තබා ගැනීමට වෙහෙසුණේය. දිනක් පාසල් භුමියේ ළමුන් පිරිසක් වට වී සිටින අයුරු දැක නන්දනත් සෙසු ගුරුබවතුන් කීප දෙනෙකුත් ඒ දෙසට දිව ගියහ. ”මේ අප්සරා නේද වැටිලා ඉන්නෙ..” යැයි පවසා ඇය අල්ලා ගෙන පැමිණ පුටුවක් මත ඉන්දවීය. ”මොකද අප්සරා දුවේ උනේ..”නන්දන දුකෙන් ඇසුවේය.”මට කලාන්තේ වගේ හැදිලා වැටුණා.. ඔළුව ටිකක් දැන් රිදෙනවා..”රෝහලට අප්සරා ඇතුළත් කළ අතර ඇය සුව වී නිවසට පැමිණියාය. යළිත් දිනක ඇය ක්ලාන්ත වී බිම ඇද වැටුණ අතර හිස කැරකිල්ල මෙන්ම කොන්දේ කැක්කුමක්ද ඇඟ පත වේදනාවද ඇයට දැනෙන්නට විය. යළි ඇය රෝහල් ගත කළ අතර වෛද්‍ය පරික්ෂණවලින් සනාථ වූයේ ඇයට කිසිදු රෝගී තත්ත්වයක් නොමැති බවය. මේවන විට සිය දියණියට වැල`දී ඇති ලෙඩ පිළිබඳව ඇගේ මව්පියන් අසල්වාසීන් මෙන්ම පාසල් මිතුරු මිතුරියන්ද දුකින් පසු විය. ”මේක වෙන දෝෂයක්ද කොහෙද පොඞ්ඩක්් ඒ ගැන හොඳ තැනක් බලලා ප‍්‍රතිකර්මයක්වත් කරන්නකො..”යැයි අප්සරාගේ තාත්තාට හිතවතෙක් දිනක පැවසූ නිසා කළ යුතු ශාන්ති කර්ම කළ අතර එයිනුදු සුවයක් නොලද තැන අවසානයේදී පෙර කී මිතුරාගෙන්ම දැන ඔහු අප්සරා සමග අප මෑණියන් ගේ ආරාමයට පැමිණියේ අම්මාත් සමගමය. එදා කෙම්මුර දිනයක් විය. ආරාමයේ වැඩි පිරිසක් රැස්ව සිටිය අතර ඒ අතරට අප්සරාලාගේ පැමිණීම නිසා එහි තිබූ නිසංසල බව නැතිවිය. ඒ අප්සරා ආරාම භුමියට ඇතුළු වෙනවාත් සමග සිදු කරන ලද වෙනසත් සමගමය. ඇය එක් වරම කෑ ගසමින් ආරාම භුමියට ඇතුළු වීම නිසා පැමිණ සිටින්නවුන්ගේ අවධානය ඒ දෙසට යොමු වීය. ” අද නම් හො`ද නැටුමක් බලන්න පුළුවන් ඔය සද්දේ දාගෙන ම එන්නේ..” පූජාවෙන් අනතුරුව අප්සරාව මැණියන් ළඟට කැඳවා ඇයගේ හිසට අප මෑණියන් විසින් දකුණත තැබුවා පමණි. මම මේකි අරගෙන මිසක් මෙතැනින් යන්නේ නැහැ ”තොපි ඕන එකක් කරපියව් මම බය නැහැ..” කීවාය. ”හා හා කලබල වෙන්න එපා මම දෙනවා උඹට අරගෙන යන්න කවුද මේ ඉන්නේ.. කියපන්කෝ බලන්න මට..” ”මම නිමාලි ටීචර්.. මම මේකි අරන් යන්න ආවේ.. මට දරුවෝ හිටියේ නැහැ පෙර කළ කරුමයකට..මට මේකි දරුකමට හදා ගන්න දුන්නේ නැහැ.. මේකිගේ අම්මයි තාත්තයි. ”මම පළි ගන්නවා මේ කෙල්ලගෙන්... මම කොච්චර ආදරෙන්ද හිටියේ මම සලකපු හැටි මම විතරයි දන්නේ මුන්ට ගාණක් වත් නැහැ හිටපල්ලා මම උඹලට දෙන්නැ හොඳින් ඉන්න ලෙඩ කරලා එක එකා ගෙනි යන්නේ. මම මැරුණාම අනේ ටීචර් අනේ ටීචර් කිය කියා බොරුවට ඇවිත් ඇ`ඩුවා... මම මේ කෙල්ල අරන් මිසක් අද යන්නේ නැහැ...” ”හිටපන් උඹට මම දෙන්නම් අරන් යන්න... ”අප්සරා ගේ තාත්තාත් අම්මාත් සිදුවී ඇති දෙය පිළිබඳව සිතා ගැනීමට නොහැකිව මෑණියන් දෙස බලා සිටියා පමණකි. තව සතියකින් මේ දරුවාත් සමඟ එන්න. මම හොඳ කරන්නම්. අප්සරාට යළි පියවි සිහිය පිරිත් පැන් ලබා දීමෙන් පසු ලැබුණු අතර නියමිත දිනට සියලූ දෙනා පැමිණීමෙන් අනතුරුව මෑණියන් විසින් යළිත් අප්සරා ප‍්‍රලය කිරීමෙන් පසුව අප්සරාට ඇතුළුවී සිටි නිමාලි ටීචර්ගේ මළ පෙරේත ආත්මය ඉවත් කරන ලදී. මේ වන විට අප්සරාට කිසිදු රෝගයක් නොමැති අතර ඇය හො`දින් අධ්‍යාපනය හදාරමින් මාපිය සෙවනේ ජීවත්වේ. 
නම් ගම් පමණක් මනඃකල්පිතයි.
ශාස්ත‍්‍රපති හපුගම්මන සමන්ත රණසිංහ


දස වසරකට පෙර කුරුණෑගල පළාතේ දුෂණය කර ගෙල මිරිකා ළිඳට දැමූ ඇඟලූම් සේවිකාව කවුද? 

”අනේ මෑණියනි මාව මරපු එකාට කොහොම හරි දඩුවම් දෙන්න.. මම මේ දුක් විදින්නේ ඒකා හින්දා.. මෑණියන්ට බුදු බව අත්වෙයි..” 17 හැවිරිදි යුවතිය පරලව මෑණියන් ඉදිරියේ හඩා වැටෙමින් අයදින්නීය. ඇය සිටින්නේ පුදුමාකාර වේදනාවකිනි. සිදුවීම දෙස බලා සිටින ඇත්තන්ගේ පවා දෑස් කදුළින් තෙත් වී ඇත්තේ මේ යුවතිය වේදනාවෙන් අයදින අයැදීම ගැනය. ඇය කුරුණෑගල ප‍්‍රදේශයේ යුවතියක් ගැන කියයි. ඒ ආවේශව සිටින්නේ කුරුණෑගල ප‍්‍රදේශයේ දී මින් දස වසරකට ඉහත එක්තරා නරුමයකු දූෂණය කර ගෙල මිරිකා ළිදකට දමා මරා දැමූ අහිංසක ඇගලූම් සේවිකාවගේ ආත්මය අයදින්නේ ඇයට මේ අපරාධය කළ අපරාධකරුට දඩුවම් කරන ලෙසය. ඔබ ඔහු දන්නවාද? අපිට ඇයට පිහිට විය හැකිද. ඒ මිය ගිය අද මළ පෙරේතයෙක්ව සිටින ඇයට පිහිට වන්නේ කෙසේද? අපි දැන් අනුරුද්ධ බණ්ඩාර මෑණියන් වෙතට හැරෙමු. ”කොහොමද උඹ මැරුනේ.. ” මෑණියන් ඇසුවේය. ”මාව ඒකා දුෂණය කළා.. ඊට පස්සේ.. ඊට පස්සේ බෙල්ල මිරිකලා ළිඳකට දැම්මා..” ඇය හඩමින් කීවාය. ”කෝ දැන් ඌ... ” ”ඒකා ඔය අගේට ඉන්නේ...” බොහොම දුකින් කියන්නීය. ”නීතියෙන් ඒකාට දඩුවම් ලැබුණේ නැද්ද...? ” ”නැහැ මෑණියනි.. ” ඇය කෙදිරි ගායි. මේ කතා පෙළ හිතලූවක්යැයි ඔබට එක්වරම සිතෙන්නට පුළුවන. නැතහොත් පොලිස් අත්අඩංගුවට පත්වුණ අයකු විසින් කරනු ලබන පාපෝච්චාරණයක් දැයි දැනෙන්නට ඉඩහසර ඇත. නැත ඒ සිතුවිලි දෙකම වැරදිය. අද මා ඔබට තවත් එක් සත්‍ය කතාවක් තුළින් ලියන්නේ භද්‍ර යෞවනියකට අත්වුණ ශෝචනීය ඉරණමක් පිළිබඳව මෙන්ම ඇය ඒ දුකින් මුදවා ගත් ආකාරයවේ. ඓතිහාසික ඇතුගල් පුරවරයේ ඒ මහා ඇතුගල පෙනෙන මානයේ ජීවත් වූ නන්දසේන අතිනත ගත්තේ මධුවන්තී සමගය. දින සති හිරු සදු මාරුකරන විට මේ කැදැල්ලට කිරි සුවඳ රැගෙන ආවේ වසර දෙකකකින් අනතුරුවය. ඒ සිගිත්තිය වූයේ අද අපේ කතිකාවතේ නායිකාව වන විශාඛාය. ඇය පාසල් ගියේද කුරුණෑගල ප‍්‍රදේශයේම පිහිටි ප‍්‍රධාන විද්‍යාලයකටය. විෂයය කටයුතුවලට මෙන්ම ඇය බාහිර ක‍්‍රියාකාරකම්වලටද උපන් හපන්කම් ඇත්තියක් වීම දෙමාපියන්ට මෙන්ම ගුරුභවතුන්ටද සොම්නස දායාද කරවීය. ”විශාඛා දක්ෂ ළමයා ඕනම වගකීමක් බයක් නැතිව බාර දෙන්න පුළුවන් අපටත් ලොකු හයියක් මේ වගේ ළමයෙක් පන්තියේ ඉන්න එක” යැයි ගුරුවරුන් ඇය පිළිබඳව ඇගේ දෙමාපියන්ට පැවසූ වාර අනන්තය. අපේ සොදුරු කැදැල්ලට නිරන්තරයෙන්ම වාසනාව රැගෙන එන්නේ කට ඇති පුතුත් රුව ඇති දියණියත්ය. ඒ වාසනා ගුණය විශාඛාට උපතින්ම හිමි විය. ඒ නිසාම ඇයට පවුලේ උදවිය මෙන්ම අසල්වාසීන්ද ආදරයට ඇමතුවේ සුද්දී යන සුරතල් නාමයෙනි. සුද්දී සුදුය. රූමත් බවින් අගතැන්ය. ඒ නාමය ඇයට මෙන්ම නමටද ගැළපේ. සාමාන්‍ය පෙළින් අනතුරුව උසස් පෙළ පන්තියට ඇය ඇතුළත් වූයේ තව දුරටත් අධ්‍යාපන කටයුතුවල නිරත වී අනාගතය පැහැබර කර ගන්නටය. එහෙත් විශාඛාට විශ්ව විද්‍යාලයට යන්නට වරම් අහිමි වූයේ කඩඉම් ලකුණු කීපයක් ලබා ගැනීමට නොහැකි වූවෙනි. ඇය නිවසට වී කාලය ගත කරන්නට කිසිවිටකත් අකැමැතිය. ඒ නිසාම ඇය ඇඟළුම් කර්මාන්ත ආයතනයක සේවය සඳහා පිටත් වූයේද අම්මාගේත් තාත්තාගෙත් ආශීර්වාදය ඇතිවය. ”කමක් නැහැ සුද්දිගේ කැමැත්තනේ.. ඔහේ ගියදෙන්. බැරිනම් නතර වෙයිනේ.. ටික දිනකින්ම විශාඛාට යහළු යෙහෙළියන් රාශියක්ම හදුනා ගැනීමට හැකිවිය. තේ බොන වෙලාවේත් කෑම පැයේදීත් විශාඛා ඔවුන් මග සතුට සයුරක පිහිනීය. ”ඈ බං විසා උඹට තාම බෝයි කෙනෙක් එහෙම නැද්ද..” යැයි මිතුරියන් විමසන විට ඇය ලැජ්ජාවෙන් බිම බලා ගත්තාය. ”හරි හරි අපි දන්නවා උපාසක බළල්ලූ ගැන... නටන්නේ එළියෙනේ ඇතුළෙ වෙස්බැන්දට.. කමක් නැහැ කමක් නැහැ..” යෙහෙළියන් කීහ. මෙසේ මාස කිපයක් ඇය පැමිණ ගත වූ අතර එක් දිනක ඇය තනියම කතා කරන්නට විය. මෙය දුටු යෙහෙළියන් ඇයට විහිළු කරන්නට වූහ. ”ඇයි බං විසා.. උඹ තනියෙන් කියවන්නේ... උඹේ සර්කිට් අප්සට් ගිහිල්ලද..” යැයි කියා මිතුරියන් පවසන විට ඇය බලාගත් අත බලාගෙන සිටින්නට විය. මේ සිදුවීම එන්න එන්නම විශාඛාගේ වැඩිවිය. දෙමාපියන්ට මෙන්ම මිතුරියන්ටද කිසිවක් සිතා ගැනීමට නොහැකි විය. තවත් දිනක ඇය සිහිමූර්ජා වී බිම ඇද වැටිණ. ” ඕකි ඔය වැඩ කරන්න වෙනවට අද බොරු කලන්තේ අල්ලලා වැටෙන්න ඇත්තේ..” තැන් තැන්වල සමහර කතුන් වැඩ කරන අතරේ කතිකාවන්නටද ඇයව ලක් කර ගත්හ. ඇය එදින රෝහල් ගත කෙරිණ.. කළ යුතු පරික්ෂාවන් කළ වෛද්‍යවරු ප‍්‍රකාශ කළේ ඇයට කිසිදු රෝගී තත්ත්වයක් නොමැති බවත් ඇයට ඇත්තේ මානසික රෝගයක් බවත්ය. ඇය එම ප‍්‍රතිකාර ස`දහා ද දක්ෂ මනෝ වෛද්‍යවරුන් ළඟටද යොමු කරවීය. එහෙත් කිසිදු සුවයක් නොමැති වූ අතර රෝගී බව තව තවත් වැඩි විය. වෙදකමින් සුව නොලද තැන ඇයට හෙදකමේ සරණ සොයා යන්නට දෙමාපියන් ඥාතීන් තීරණය කිරීමෙන් පසු තොවිල්පවිල්වලින් අඩුවක් නන්දසේනගේ නිවසේ විශාඛා වෙනුවෙන් නොවීය. ”අන්න නන්දයාගේ කෙල්ලට හො`දටම පිස්සු තද වෙලාලූ.. ඊයෙත් ලොකු තොවිලයක් කරලා.. ඒත් හොඳ වෙලා නැහැ..” ගමේ හැමදෙනා තැන තැන පවසන්නට වූ කයි කතන්දරවලින් අඩුවක්ද නොවීය. අවසනදී අප ආරාමය පිළිබඳව තතු දැන සෙනසුරාදා මෑණියන් හමුවට පැමිණියේ විශාඛාගේ දෙමාපියනුත් සමගමය. ආරාමයට පැමිණි මොහොතේ සිට විශාඛා අන්දමන්ද වූ ලොවක තනි වූ ආකාරයෙන් හැසිරෙන්නට වූ අතරම ආරාමයේ සිටි බොහෝ දෙනකුටම අමුතු ආකාරයේ දසුන් මවන්නක් විය. පූජාව පවත්වන හෝරාව උදා වූයෙන් සියලූ දෙනාම මෑණියන් සමග ඒ සඳහා යොමු විය. විශාඛා ඇතුළු සියලූ දෙනා ද ඊට සම්බන්ධ විය. අනතුරුව විශාඛාගේ වාරය පැමිණි කළ මෑණියන් ඉදිරියට ඇය පැමිණියා පමණි ඇය ගැහෙන්නට විය. මොකද මේ දරුවා ගැහෙන්නේ? ඒත් ඇය නිහඬය. ඉන්පසු මෑණියන්ගේ දකුණත ඇගේ හිස මත තැබුවා පමණි. ඇය ක්ෂණයකින් ප‍්‍රලය විය. ”දැන් ඉතින් කතා කරපන්. කවුද මේ ඉන්න දෙන්නා...” යනුවෙන් මෑණියන් විමසන්නට විය. ”මම... මම මේකිගේ ආච්චි....” ”එතකොට උඹ කවුද....” ”මම සමදරා සමදරා....” ”සමදරා කිව්වේ..” ”මම තමයි අර අරූ මාව දුෂණය කරලා මැරුවේ. ආන් එයා මම.” ”ඇයි මේ දරුවා ළඟට ආවේ...?” ”මේකිත් මං වගේම ලස්සනයි. මම ඉතින් ආවා. මේකිත් අරන් මම යනවා.” ”ආ හිටපන් උඹලා දෙන්නටම මේ දරුවා අරන් යන්න. උඹලට මම පින් දෙන්නම් වෙන කන්න බොන්න ඕන දේවල් කියපල්ලා ඒවත් දෙන්නම්...” ”මට ඕනෑ කිරිපැණි කොමඩු මට බත් ඕනෑ බුලත් විට ඕනැ.... ඒවා දුන්නොත් අරන් යනවා.....” ”හරි මම ඒවා මේ දරුවන්ට කියලා හදලා දෙන්නම් ළ`ගදීම දවසක උඹලා යන්න ඕනෑ කලා බීලා....” විශාඛාගේ අම්මාත් තාත්තාත් ළඟට කැඳවූ මෑණියන් මේ ආත්ම දෙක ඉවත් කිරීම ස`දහා දිනයක් නියම කරවූ අතර එදිනට ඔවුන් සියලූ දෙනාටම පැමිණෙන්න ඇරයුම් කරමින් විශාඛාට ඇප නූලක් දමා නැවත ප‍්‍රකෘති සිහිය ලබා දෙන ලදී. ”සමන්ත මල්ලී ඔන්න හො`ද සෙල්ලමක් ලබන සෙනසුරාදා තියෙනවා. අනිවාර්යෙන්ම එන්න.” එදවස උදාවිය. වේලාව සවස පහ පසුවිය. බුදුන් උදෙසා පූජාව ඇරඹී අවසන් වූවා පමණි. විශාඛාගේ වාරය පැමිණ මෑණියන් ඇයගේ හිසට අත තැබුවා පමණි. ඇය යළි ප‍්‍රලය වන්නට විය. ”ආ මේ කවුද ඉන්නේ” ”මම... මම.... සමදරා..” ”ආ සමදරාද...... කොහොමද උඹ මැරූවේ.” ”අනේ මෑණියනි මාව මැරුවේ අරූ. මාව දුෂණය කරලා බෙල්ල මිරිකාලා ළිඳට දැම්මා... අනේ හාමුදුරුවනේ ඌට ද`ඩුවම් දෙන්න. ඒකා හින්දා තමයි මම මේ දුක් විදින්නේ...” ”මම උඹට හොඳ ආත්මේකට යන්න පින් දෙන්නම්. අන්න එදා ඉල්ලපු කෑමබීම ගෙනල්ලා තියෙනවා. දැන් කාපන්.” මේ වන විට සමදරාගේ ආත්මය විශාඛාට ආරූඪ වී ඇති අතර මෑණියන් පළමුව එම ආත්මය සමග කතිකා කර කෑමබීම ලබාදීමෙන් අනතුරුව සමදරාගේ ආත්මයෙන් බොහෝ කරුණු කරණා ලබා ගත් අතර තවමත් ඇයව දූෂණය කළ අය නීතියෙන් බේරී සිටින බවත් ඔහු කවුරුන්ද යන්න පවා හෙළි කළ අතර එම තොරතුරු නීතිමය ගැටලූ මත ඉදිරිපත් නොකරන්නට වගකිව යුතු පුවත්පතක් වශයෙන් අප වගබලා ගත් අතර ඉන්පසු එම ආත්මය විශාඛාගෙන් පිරිත් නූලක් දමා ඉවත් කරන ලද අතර විශාඛාට පියවි සිහිය ලැබිණ. ඇය නීරෝගිව මේ වනවිට සතුටින් සිටින්නේය.
නම් ගම් පමණක් මනඃකල්පිතයි.
ශාස්ත‍්‍රපති හපුගම්මන සමන්ත රණසිංහ