රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ නාහිමි
යම් කිසිවකු විසින් යමක් අල්ලා ගනු ලැබුවේ ද එය උපාදානයයි. එසේ නම් පංච උපාදානස්කන්ධය කියන්නේ තණ්හා සහගත සිතක් අල්ලා ගනු ලබන යම් කිසි ධර්මයක් විය යුතුය. සත්වයාගේ මරණයේදී ඔහුගේ ඕලාරික ශරීරය මෙහි අත් හැර යන ගමන් රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ යන උපාදානස්කන්ධ පටිච්ඡ සමුප්පන්නව ගමන් කරනවා. ඒ උපාදානස්කන්ධ පහයි සත්වයාග් මෙලොව හා පරලොව අතර සම්බන්ධය ගෙනියන්නේ.
රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ නා හිමියන්ගේ 29 වන ගුණ සමරු පින්කමේදී උන්වහන්සේට උපහාර පිණිසඋන්වහන්සේගේ අවසාන ධර්ම දේශනාව විමසා බැලීම කාලෝචිත වේ.
එම ධර්මදේශනාවේ පංචස්කන්ධය හා පංච උපාදානස්කන්ධය පිළිබඳ දීර්ඝ විස්තරයක් ඇත.
එනම් සංයුක්ත නිකායේ සළායතන සූත්‍රයේ වච්ඡගොත්ත බ්‍රාහ්මණයා විසින් අසු ප්‍රශ්නයක් “ යස්මිං පනභො ගෞතම සමයේ අග්ගිවාතේන පුට්ඨා දුරම්පි ගම්එති ඉම ස්ස පන භවං ගොතමො කො උපාදානස්මීං පඤ්ඤා පේති “
භවත් ගෞතමයන් වහන්ස යම් කිසි වේලාවක ගිනි දැල් වශයෙන් ගෙනියන ලද්දේ දුරට යන්නේද ඒ අවස්ථාවට භවත් ගෞතමයන් වහන්සේ උපාදානය කොට දක්වන්නේ කුමක්ද?
බුදුන් වහන්සේ වදාළා වචිඡය, යම් කිසි වෙලාවක දුරට ගිනි දැල් ආකාශයෙහි ගෙනි යනවා නම් එහි උපාදානය වාතයයි. වාතය උපාදානය කොට ඒ ගිණි දැල් යනවා කියලා මම පිළිගන්නවා. එතකොට උපාදානය යන්නෙන් බුදුහාමුදුරුවෝ අදහස් කළේ අල්ලා ගන්නා ධර්මය , අල්ලා ගැනීම නොවේ.
වාතය අල්ලා ගෙනයි ගිනිදැල් ගමන් කළේ. එසේ නම් යම් කිසිවකු විසින් යමක් අල්ලා ගනු ලැබුවේ ද එය උපාදානයයි. එසේ නම් පංච උපාදානස්කන්ධය කියන්නේ තණ්හා සහගත සිතක් අල්ලා ගනු ලබන යම් කිසි ධර්මයක් විය යුතුය. මෙහිදී වෛදිකයන් විසින් පිළිගෙන තිබූ නොවෙනෙස් ධර්ම පරම්පරාවක් එක් ආත්මයක සිට අනෙක් ආත්මයට යනවා යන්න නොව, පටිච්ඡසමුප්පන්න ධර්ම පරම්පරාවක් යන බව බුදු දහමට අනුව පිළිගැනීමෙන් ආත්මවාදයකට නොවැටෙන බව එම හිමියෝ ප්‍රකාශ කරති. පරිවර්තනයක් නැති කිසිම ධර්මයක් මේ ලෝකේ නැති බව බුදු දහමේ අනාත්මවාදයෙන් ප්‍රකාශ වේ. සත්වයාගේ මරණයේදී ඔහුගේ ඕලාරික ශරීරය මෙහි අත් හැරලා දාලා යන ගමන් රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ යන උපාදානස්කන්ධයන් පටිච්ඡ සමුප්පන්නව ගමන් කරනවා. ඒ උපාදානස්කන්ධයන් පහයි සත්වයාගේ මෙලොව හා පරලොව අතර සම්බන්ධය ගෙනියන්නේ යන්න එම ධර්ම දේශනාවේ අඩංගු වී ඇත.
තව දුරටත් මෙසේ දේශනා කරති. “ මා පිළිගන්නා හැටියට රූප උපාදානාස්කන්ධය, වේදනා උපාදානාස්කන්ධය සංඥා උපාදානාස්කන්ධය, සංඛාර උපාදානාස්කන්ධය යන හතර සහිත විඤ්ඤාණය උපාදානවීම මත තමයි මෙලොව හා පරලොව අතර ගමන් කරන ධර්මය සිදුවන්නේ කිසිදාක විඤ්ඤාණය, රූප, වේදනා සංඤ්ඤා සංඛාරා කියන අනිත් ධර්ම හතර නැතිව කිසි තැනක නොපවතින බව බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි දේශනා වුණා. ඒ කොතැනද? (සංයුක්ත නිකාය උපායවග්ග 2 සූත්‍රය)
රූපස්කන්ධයෙන් තොරව, වේදනාස්කන්ධයෙන් තොරව,සංඤ්ඤාස්කන්ධයෙන් තොරව සංඛාරා ස්කන්ධයෙන් තොරව, විඤ්ඥාණස්ස ස්කන්ධයාගේ ඒමක් හෝ යාමක් හෝ පැවැත්මක් හෝ දියුණුවක් හෝ කිසි දෙයක් පනවනවයි කියල එකක් කිසි කලෙක වෙන්නට බෑ ඒ මොකද? විඤ්ඤාණය යම් තැනක නම් පවතින්නේ ඒ පවතින තැන රූප වේදනා සංඥා සංඛාර කියන හතර පැවතිය යුතුය.
එසේ නම් තණ්හා සහගත සිතින් අල්ලා ගනු ලැබූ රූපස්කන්ධ, විඤ්ඤාණ පරම්පරාව සමග පවතිනවා. මේ ඕලාරික රූපස්කන්ධය නොවෙයි. ඕලාරික කය වලදමා පුච්චලදාලා යන අතර මනෝමය කය ගමන් කරනවා. පොට්ඨපාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළා පොට්ඨපාද අත්තපට්ලාභා තුනක් තිබෙනවා ශරීර තුනක් ඕලාරිකො අත්තපට්ලාභො කබලින් කාහාරභක්ඛො (කුඩා කැබලි කොට) කන ආහාරයෙන් පෝෂණය කරන මේ ඕලාරික ශරීරය සහිත ස්කන්ධය මනෝමය අත්තපට්ලාභො රූපී සබ්බංග පචිචංගි අභිනින්ද්‍රයෝ තව රූපයක් තිබෙනවා.
මනෝමය අත්තපට්ලාභය , ඒක මනෝමයයි. එය රූපියි, හැම අත් පා ආදී අංශ ප්‍රත්‍යංගයක්ව තිබෙනවා. ඒවායේ අභිනන්ද්‍රියෝ සියලු ඉන්ද්‍රියයන් ගෙන් යුක්තයි. ඒ මනෝමය අත්තපට්ලාභයයි. දැනට අපේ භෞතික කය තුළම තිබෙන මනෝමය කයයි. රෝහල් වල ශල්‍ය කර්ම කරන අවස්ථාවලදී මෙම මනෝමය කය භෞතික ශරීරයෙන් ඉවත් වී සිවිලිම උඩ සිට ශල්‍ය කර්ම කරන අවස්ථාව බලා සිට නැවත සිහි ආවිට එය විස්තර කළ අවස්ථා දැනට වාර්තා වී ඇත
වච්චගොත්තගේ ගිනිදැල් ප්‍රශ්නය ගැන තවදුරටත් දේශනා කරන හිමියෝ මෙසේ පවසති.
භවත් ගෞතමයන් වයන්ස යම්කිසි සත්වයෙක් ඉමඥ්ච කායං නික්ඛිපති මේ ශරීරයත් අත්හැර දමනවා. ඒ කියන්නේ මැරෙනව.අඤ්ඤතරංච කායං අනුපපන්නො හොති. වෙනත් කයකට ඇතුළු වුණෙත් නෑ. එතකොට මෙතනින් මැරුණා තව කයකට ගියේ නෑ. ඒ මැද්දේ කපොල්ලක් තියෙනවා.
මෙන්න මේ මැද තත්වයෙදි ඒ සත්වයාගේ පැවැත්ම ගැන භවත් ගෞතමයන් වහන්සේ ඔහු උපාදානය කොට සිටින දේ පනවන්නේ කුමක්ද? අල්ලාගෙන ඉන්නේ මොකක්ද? එතැන්දි බුදුරජාණන් වහන්සේ වදාළ වච්ච, මේ කයද අතහරිනවා වෙනත් කයකට ගියෙත් නෑ මම එය තණ්හා උපාදානය අල්ලාගෙන ඉන්නවා කියනවා. “තණ්හා සමගිස්ස තස්මිං සමයේ උපාදානං හෝති” ඒ වෙලාවෙ උපාදානය අල්ලා ගැනීම තිබෙන්නෙ මොකක්ද, තණ්හාසමංගි පුද්ගලයාගේ කෙළෙස් සහිත අවස්ථාවක්.
ඒ කුමක්ද? දැන් බුදුරජාණන් වහන්සේ එතැන්දි වදාරන්ට ඕනෑ “ එහෙම කපොල්ලක් නැත්නම් වච්ඡය යම් වෙලාවක සත්වයෙක් මේ කය අතහරිනවා නම් තවත් කයකට නො ගියා කියන්නට අවස්ථාවක් නෑ.අසුරු සන දෙකක් ඇතුළත මෙතන චුතිය, අතන උපත්තිය පහළ වුණා. ඒ මැද කපොල්ලක් තියෙන්ඩ බෑ “ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ඩ ඕනෑ.
නමුත් උන්වහන්සේ එහෙම දේශනා කළේ නැහැ. එතකොට උන්වහන්සේ පිළිගත්තා ඒ අතර වෙන කයකට නො ගිහින් මැද කපොල්ලක් තිබෙන බව, ඒ අවස්ථාව තණ්හා උපාදානය මුල්කොට තියෙන්නෙ. ඒ කියන්නෙ “උපාදනස්කන්ධපඤ්චකය තණ්හා පච්චයා උපාදානං “ ඒ කියන්නෙ අල්ල ගන්නවලු, කුමක්ද ඒ අල්ලා ගැනීම? අල්ලා ගැනීම නොවෙයි, දැන් ඔප්පු කළා කලින් බුදුරජාණන් වහන්සේ උපාදාන කියලා තියෙන්නේ ගින්දර ගිනිදැල්වලට.
වාතය, වාතය අල්ලගෙනයි ගිනි දැල් තියෙන්නේ. දැන් මේ සත්වයා මෙතැනින් චුතවෙච්චී සත්වයා, දෙවන මවුකුසකටත් ගියේ නැත්නම් ඔහු කුමක්ද අල්ලාගෙන ඉන්නේ? තණ්හා සමංගි පුද්ගලයාගේ උපාදානස්කන්ධපංචකය, මනෝමය රූපය ඇසුරු කර ගත්ත වේදනා උපාදානස්කන්දය, සඤ්ඤා උපාදානස්කන්ධය සංඛාර උපාදනස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය, පහම තියෙනවා මනෝමය රූපය, ඒ ඇසුරු කර ගත් වේදනා සංඤ්ඤා සංඛාර හා විඤ්ඤාණ .
අවසාන වශයෙන් එම හිමියන් මෙසේ දේශනා කරයි. මෙලොව හා පරලොව අතර සම්බන්ධය පෙන්වන්නේ රූප උපාදානස්කන්ධ වේදනා උපාදානස්කන්ධ සඤ්ඤා උපාදානස්කන්ධ සංඛාර උපාදානස්කන්ධ කියන උපාදානස්කන්ධ එහෙත් ඒ සියල්ලම පටිච්ඡ සමුප්පන්නව වෙනස් වෙමින් යන ධර්ම පරම්පරාවක්. ඒ නිසා ඇතැම් පොත්වල අටුවාවල තෝරල කියන්නේ තණ්හාව මුල් කරගෙන හිතින් අල්ලා ගැනීම කියලා. ඒක වැරදියි.අල්ලා ගන්නා ධර්මයට උපාදානය කියන්නේ. ඒ නිසා වැරදි අදහස් වලින් අතහරින හැටියට මම කරුණාවෙන් මතක් කරනවා. මම මේ කියපු අදහස් තවදුරටත් පොත් පත් බලලා පර්යේෂණ කරලා තේරුම් ගන්න හැටියට මා ඉල්ලා සිටිනවා. යනුවෙන් එහි දී හිමියන් ධර්ම දේශනාව අවසන් කරයි.
සම්පාදනය
ආචාර්ය ජී.හල්ගස්වත්ත
අන්තරා භව වාද විනිෂ්චය...
කෙනෙකු මරණයට පත්වූවාට පසු ඔහුට ඉපදීමට සුදුසු ස්ථානයක් සකස් වී නොතිබුණොත් ඉපදීමට තැනක් සොයමින් අහසේ හැසිරෙන බවත්, එය අන්තරාභවය බවත් කියනු ලැබේ. ගන්ධබ්බ අවස්ථාව, මනෝමය කයින් සිටීම කියා කියනු ලබන්නේ ද අවස්තාවටම ය. අපාය දෙව් ලොව බඹ ලොව උපදින සත්ත්වයින් මරණයත් සමගම ඉන් අනතුරැව උප්පත්තියක් ලබයි. නමුත් මනුලොව වැනි තැනක උපත ලබන සත්ත්වයින් බොහෝ විට මරණයට අනතුරැවම උපත ලබන්නේ නැත. ඔවුහු මතු උපතක් බලාපොරොත්තුවෙන් ගන්ධබ්බ අවස්ථාවේ පසුවේ.
දෙව්ලොවට සතර අපායට යන අය කෙළින්ම සතර අපායට යයි. ඒ අයට ගන්ධබ්බ අවස්ථාවක් නැත. එහෙත් මනුලොව උපදින්න සිටින අයට සුදුසු මවුපියන් ලැබෙනතුරු මනෝමය කයකින් දින හත, මාස තුන, අවුරැද්ද හෝ ඊටත් වැඩිය කාලයක් පැවතීමේ හැකියාව ඇත. පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහ භූත රෑපයන් ඉතා සියුම් ලෙස සංයෝග වීමෙන් හටගත් මෙම මනෝමය කයට සිතූ සැණින් ඕනෑම තැනකට ගමන් කිරීටම් හැකියාව ඇත. හත්දවසේ දානේ, තුන්මාසේ දානේ, අවුරැද්දේ දානය ආදී වශයෙන් මළවුන්ට පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය පැවත එන්නේ ද මේ නිසාය. ගන්ධබ්බයා යනු මනුලොව ඉපදීමට තරම් කුසල් සහිත සත්ත්වයෙකි. ඒ ගන්ධබ්බයින් දෙදෙනෙක් එක් වූ විට කථා කරයි. දෙව් ලොව බඹ ලොවට වුවත් යාමට ගන්ධබ්බයාට හැකියාව ඇත. එහෙත් කුසලය නැති නිසා එහි උපත ලැබිය නොහැක. ගාන්ධර්ව වශයෙන් හඳුන්වන දේව කොට්ඨාශයක් ද වේ. මේහි දැක්වෙන ගන්ධබ්බයා එම දේව කොට්ඨාශය සමග පටලවා නොගත යුතුය.
• ගන්ධබ්බයාට රෑප කයක් නැති නාම කයක් නැහැ. ඒ නිසා ඒ අයට තවත් කෙනෙකුත කථා කරන්නේ කොහොම ද? ගන්ධබ්බයාට රෑප කයක් නැති නිසා ගන්ධබ්බයා දිවැසින් දකින්නේ කොහොම ද? යනුවෙන් අන්තරාභවය ප්‍රතික්ෂේප කරන ඇතැමෙක් ප්‍රෂ්ණ කරති.
රෑප වේදනා සංඥා සංස්කාර යන ස්කන්ධ සතරෙන් තොරව විඤ්ඤාණයේ යාමක් ඒමක් බැසගැනීමක් වැඩීමක් නැති බව සංයුක්ත නිකායේ උද්දාන සූත්‍රයේ සඳහන් වේ.
ගන්ධබ්බයෙකුට රෑප කයක් නැති බව කීම වැරදි ප්‍රකාශයකි. ගන්ධබ්බයා යනු ස්කන්ධ පහම සහිත ඔබ, මම වැනිම සත්ත්වයෙක් බව කිව යුතුය. ගන්ධබ්බයා යනු විඤ්ඤාණය පමණක්ම බව අර්ථ දක්වා ඉන් ගැලවීමට යන අය ද සිටිදි. ගන්ධබ්බයා යනු විඤ්ඤාණය යයි කීම සංයුක්ත නිකායේ උද්දාන සූත්‍රයට අනුව මුසාවකි. මක් නිසාද විඤ්ඤාණය සෑම විටම රෑප, වේදනා, සංඥා, සංස්කාර යන ස්කන්ධයන් සමගම පහල වන බව උද්දාන සූත්‍රයේ සඳහන් වන බැවිනි. ගන්ධබ්බයාටත් පංච උපාදානස්කන්දයම ඇති බව මින් පෙනේ. ගන්ධබ්බයාට ඇත්තේ මනෝමය කයකි. එහි ඇස කන නාසය දිව කය මනස යන ඉන්ද්‍රියයන් පරිපූර්ණය. ඔහුට අපට මෙන්ම රෑප දැකීමට ශබ්ද ඇසීමට මෙන්ම තවත් අය සමග සන්නිවේදනය කරන්නට හැකියාව ඇත. එසේ නම් ගන්දබ්බයෙකුට තවත් ගන්ධබ්බයෙකු සමග කථා ගල නොහැකිද? තවත් දෙවියෙකු සමග කතා කළ නොහැකි ද? නාසයක් ඇති නම් ගන්දය ආඝ්‍රාණය කළ නොහැකිද?
අන්තරා පරිණිබ්බායී, උපහච්ච පරිනිබ්බායි, අසංකාර පරිණිබ්බායී, සසංකාර පරිණිබ්බායි වශයෙන් කොටස් සතකරක බෙදා දැක්වීමක් අභිධර්ම පිටකයේ සඳහන් වේ. අන්තරා පරිණිබ්බායී යනු ගන්දබ්බ අවස්තාවේ කෙනෙක් ආශ්‍රව නසා අරිහත්වයට පත්වූ විට මතු උපතකට නොයා පිරිණිවන් පෑමටයි.
• “උපහච්ච පරිනිබ්බායි කියලත් බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. ඒ වගේම අසංකාර පරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි කියලත් දේශනා කළානේ. එවිට උපහච්ච භවයකුත් තියෙනවද? අසංකාර භවයකුත් තියෙනවද? සසංකාර භවයකුත් තියෙනවද?“ යනුවෙන් ද සමහරැ ප්‍රශ්න කරති.
බොහෝ දෙන අන්තරාභවයක් ගන්ධබ්බ අවස්තාවත් පටලවාගෙන තිබේ. බුදුරජාණන් වහන්සේ වදාලේ අන්තරාභවයක් නොව ගන්ධබ්බ අවස්තාවක් ගැනය. භවය අර්තදක්වන්නට දන්නේ නැති මිනිසුන් අන්තරාභවයක් අර්තදක්වන්නේ කසෛ් ද?
මෙය කථාවත්තු ප්‍රකරණයේ ද සඳහන් වේ. කථාවත්තු ප්‍රකරණය යනු බුද්ධ පරිණිර්වාණයෙන් පසුව ලියන ලද ග්‍රන්ථයකි. මේ ග්‍රන්ථයේ අන්තරාභවය පිළිබඳව තමන්ම ප්‍රශ්න අසා තමන්ම පිළිතුරැ ලබා දී ඇත. අන් පුද්ගලයින්ට තමන්ගේ අදහස ඉදිරිපත් කිරීමට හෝ අවස්ථාවක් එහි නැත. එහි අන්තරා භවයක්ඇති බව ද ලියා ඇත. පසුව අන්තරාභවයක් නැත යයි පවසමින් තර්ක ප්‍රශ්නෝත්තර ඉදිරිපත් කර ඇත. එහි අන්තරාභවයක් ඇති අවස්ථාවත් නැති අවස්ථාවත් පැහැදිළිව විස්තර කර නැත. මේ ග්‍රන්ථය මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්‍සේගේ අනුමැතිය පරිදි ලියන ලද ග්‍රන්ථයක් කියතත් මෙබඳුම අධිගමලාභී ස්ථවිරයන් වහන්සේලා විසින් ලියන ලදැයි කියන ‘අභිධර්ම මාතෘ‘ වැනි පොත් නිකායාන්තරිකයන්ගේ පොත් අතර ද තිබේ. කෙසේ නමුත් රහතන් වහන්සේලා පොත් ලියන්නේ නැත.
අන්තරා පරිණිබ්බායී යනු “ගන්දබ්බ අවස්තාවේ සිටින්නෙකු ආශ්‍රව නසා අරිහත්වයට පත්වූ විට මතු උපතකට නොයා පිරිණිවන් පෑමය“ යන තේරැම පසෙක තබා අන්තරා පරිණිබ්බායී කියා තියෙන නිසා අසංකාර පරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි කියලත් දේශනා කළානේ. එවිට උපහච්ච භවයකුත් තියෙනවද? යනාදී වශයෙන් ඇසීම හරියට සෝවාන් කියලත් තියෙනවා නේ එතකොට සකෘදාගාමී කියන්නේ සෝවාන් ද? අනාගාමී කියන්නේ සෝවාන් ද? අරිහත් කියන්නේ සෝවාන් ද? යනුවෙන් අසනවා වැනි බොළඳ ප්‍රකාශයකි. මෙහි කිසිම ප්‍රඥාගෝචර බවක් නැත. හුදෙක්ම තමන්ගේ මතය දැක්වීමටත් අන් පුද්ගලයාගේ මතය පහත් කිරීමටත් කරණ වචන හරඹයක් පමනකි. මේවා රහතන් වහන්සේලාගේ තර්ක නොවේ. ත්‍රිපිටකයට පසුව ඇතුලත් කරන ලද දේවල් බව සිහිබුද්ධිය ඇති ඕනෑම අයෙකුට පෙනේ.
• ගන්ධබ්බ අවස්ථාව පටිච්ච සමුප්පාදයට ගැලපෙන්නේ නැති බව ද සමහර දේශකයෝ පවසති.
මෙය තථාගතයන් වහන්සේ වදාළ පටිච්චසමුප්පාදය නොදන්නා කම නිසා නගන ප්‍රශ්නයකි. වර්තමානයේ භාවිතා වන්නේ කෙනෙක් මලා මැරෙනකොටම කොහේ හරි ඉපදුනා කියන දහමකි. මෙය බුදු දහම නොවේ. තේරවාදී භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් පසු කාලීනව හදාගන්නා ලද ධර්මය කි. පට්ච්ච සමුප්පාදය යනු මුල් කොටස පෙර භවයටත් මැද කොටස මේ භවයටත් අවසාන කොටස ඊළග භවයටත් සම්බන්ධ කර දේශනා කල ධර්මයක් හෝ සත්ත්වයාගේ උපත දක්වන වාදයක් නොවේ. එය හේතු ඵල වාදයකි. විශුද්ධිමාර්ගය වැනි පොත් වල, පටිච්චසමුප්පාදය භව තුනකට ලියා සත්ත්වයාගේ උපත දැක්වීමට යොදාගැනීම වැනි විකෘතීන් කිරීම නිසා පටිච්චසමුප්පාදය භාවනා කිරීමේ හැකියාව නැති වී තිබේ. පටිච්චසමුප්පාදය කාලයකට යටත් නොවන සෑම මොහොතකම ක්‍රියාත්මක වන ප්‍රායෝගිකව භාවනාවට ගතහැකි ධර්මයකි. මේ බව සනාථ වන සූත්‍ර කීපයක් මජ්ඣිම නිකායේ විභංග වග්ගයේ එයි. එම සූත්‍ර භද්දේකරත්ත නාමයෙන් හැඳින්වෙයි.
අතීතං නාන්වාගමෙය්‍ය නප්පටිකංඛෙ අනාගතං
යදතීතං පහීණං තං අප්පත්තඤ්ච අනාගතං
පච්චුප්පන්නඤ්ච යෝ ධම්මං තත්ථ තත්ථ විපස්සති
අසංහීරං අසංකුප්පං තං විද්වා අනුභ්‍රෑහයේ
මෙම බුද්ධ වචනයට අනුව අතීතය හා අනාගතය යන දෙකින් ඉවත්ව පච්චුප්පන්න ධර්ම වලා ස්වභාවය දැකිය යුතුය. භව තුනකට පටිච්ච සමුප්පාදය බෙදා සත්ත්වයින්ගේ ප්‍රතිසන්ධිය දැක්වීමට පටිච්ච සමුප්පාදය යොදා ගැනීමෙන් මේ අරමුණ ඉටු කරගත නොහැකි වී ඇත.
• සත්ත්වයාගේ උප්පත්තිය පෙන්වන්නට පටිච්ච සමුප්පාදය විස්තර කිරීමට ගොස් ආරම්භයේ දීම වරද්දාගෙන ඇති බව පෙනේ.
තත්ථ කතමං සංඛාර පච්චයා විඤ්ඤාණං? චක්ඛු විඤ්ඤාණං, සෝත විඤ්ඤානං, ඝාණ විඤ්ඤාණං, ජිව්හා විඤ්ඤාණං, කාය විඤ්ඤාණං, මනෝ විඤ්ඤාණං, ඉදං වුච්චති සංඛාර පච්චයා විඤ්ඤාණං.
සංස්කාරයෙන් හටගත් විඤ්ඤාණය කවරේ ද? චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය යන මේ සය යි. නමුත් අභිධර්මාර්ථ සංග්‍රහය සහ ඒ අනුව ලියූ පොත් පත් වල සඳහන් වනුයේ සංස්කාර ප්‍රත්‍යෙයන් හටගත් විඤ්ඤාණය පටිසන්ධි විඤ්ඤාණයක් බවයි. එය දෝෂ සහගතය. එසේ සැලකුවහොත් චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණ, කාය විඤ්ඤාණ එයට අයත් නොවේ. අභිධර්මාර්ථ සංග්‍රහය සහ ඒ අනුව ලියන ලද විශුද්ධිමාර්ගය, අභිධර්මාර්ථ ප්‍රදීපිකාව, අභිධර්ම මාර්ගය වැනි පොත් වල සඳහන් වන ප්‍රතිසන්ධි චිත්තය, චුති ච්ත්තය ආදී වචන සූත්‍ර විසිඑක් දහසකින් කින් යුක් සූත්‍ර පිටකයේ කොතැනක වත් නැති ධර්ම කොටස්ය. මේවා බුද්ද පරිණිර්වාණයට පසුව පොත් ලියන්නට ගොස් ඒ ඒ ලේඛකයින් විසින් හදාගන්නා ලද දේය. අද අභිධර්මය ඉගෙනගන්නවා කියා බොහෝ දෙනා කරන්නේ අභිධර්ම පිටකය පසෙක තබා මෙබඳු පොත් වල ඇති දෝෂ සහිත ධර්ම කරැණු කටපාඩම් කිරීමකි. මේවායේ බුද්ධ වචනය සමග ගැලපීමක් නැත.
• සත්ත්වයකුගේ විඤ්ඤාණ ධාරාව පටිච්ච සමුප්පන්නව භවයෙන් භවයට ගලන්නේ කෙසේ ද?
පටිච්ච සමුප්පාදය යනු සෑම මොහොතකම ක්‍රියාත්මක වන ප්‍රායෝගිකව භාවනාවට ගතහැකි ගැඹුරැ දහමකි. විඤ්ඤාණ පච්චයා නාමරෑපං. විඤ්ඤාණය යමක බැසගත් විට නාමරෑප ඇති වේ. රෑප අරමුණක් ගැන සිතන්න. රෑපයක් දෙල බලා සිටින විට විඤ්ඤාණය එම අරමුණේ බැසගනියි. එවිට අතීත අත්දැකීම්, මතකයන් වැනි අතීත සංස්කාරයන් ඔස්සේ ඒ රෑපයට අදාල විස්තර තොරතුරැ ඒ රෑප අරමුණ සමග විඤ්ඤාණය හරහා මතකයට ගලා එයි. ඒවා අප මනසට පැමිණෙන්නේ කෙසේ ද? ඒ රෑපයත් ඒ නිසා ඇති වෙන ඵස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර යන චෛතසිකයන් හටගැනීම තුලිනි. එනම් නාමරෑප හටගැනීම තුළිනි. ඵස්සයෙන් බාහිර රෑප අරමුණත්, අධ්‍යාත්මික ආයතනත්, චිත්ත චෛතසිකයනුත් එක් කරණු ලබයි. වේදනාවේන් අරමුණේ රසය විඳියි. සංඥාවෙන් හඳුනා ගනියි. චේතනාවෙන් සංස්කාරයන් රැස් වේ. මනසිකාරයෙන් එම අරමුණ මෙනෙහි කරයි.
නාමරෑප පච්චයා විඤ්ඤාණං. නාමරෑප ප්‍රත්‍යෙයන් විඤ්ඤාණය ඇති වනුයේ කෙසේ ද ? නාමරෑප ඇති වෙන විට ඒ තුළ ඇති වන චේතනාව මගින් මේ අරමුණ මේ මේ ස්වරෑපයෙන් යුක්තය ආදී වශයෙන් සංස්කාර ඇති වේ. අරමුණට ඇලීමට හෝ ගැටීමට ද පිළිවන. එවිට තණ්හා, උපාදාන සහ කර්ම සංස්කාර ඇති වේ. ඒ සංස්කාරයෙන් නැවත විඤ්ඤාණය හටගනියි. නැවතත් පෙර කී පරිදි විඤ්ඤාණය ප්‍රත්‍යයෙන් නාමරෑප ඇති වේ. මේ ආකාරයට විඤ්ඤාණ ධාරාව නොනවත්වා ගලාගෙන යයි. නින්ද යාම වැනි මනස ක්‍රියාකාරී නොවන අවස්ථා වල සියුම් මනෝ විඤ්ඤාණ පරම්පරාවක් ඇති වේ. අරමුණ සියුම් නිසා ඒ බවක් අපට නොදැනේ. මනුෂ්‍යයකු වුව ද දෙවියකු වුව ද අපායයික සත්ත්වයෙකු වුව ද ගන්ධබ්බයෙකු වුව ද විඤ්ඤාණ ධාරාව ගලන්නේ මේ ආකාරයට ය. එසේ නැතිව චුති චිත්තයකට අනුව ප්‍රතිසන්ධි චිත්තයක් ඇති වෙනවා නොවේ. එහෙම දහමක් සූත්‍ර පිටකයේ නැති බව සඳහන් කළෙමු. තිබෙනවා නම් “මේ චුති චිත්තයයි, ඒ නිසා හටගත් ප්‍රතිසන්ධි චිත්තය යයි“ පෙන්විය හැක. මේවා බුද්ධ කාලයට පසුව පොත් වලට අලුතෙන් ඇතුලත් කරණ ලද දේවල්ය. බුද්ධ පරිණිර්වාණයට පසුව මෙසේ අලුතෙන් ඇතුලත් කළ විකෘති අදහස් නිසා තථාගතයන් වහන්සේ මුල මැද අග මනාව දේශනා කළ ධර්මය විකෘති වී ඇත. එය රත්‍රන් වැනි පිරිසිදු ධර්මයට තඹ කලවම් වීමක් බඳුය.
• විඤ්ඤාණය මම අකමැති අපාය වැනි තැන් වල උපත ලබා දෙන්නේ ඇයි?
විඤ්ඤාණය හේතු ප්‍රත්‍යෙයන් සකස් කල ධර්මයක් නිසා මම හෝ මට අයිති දෙයක් නොවේ. මරණාසන්න මොහොතේ දී අකුසල සංස්කාරයක් සිහි වුවහොත් ඒ අකුසල සංස්කාරය නිසා හටගන්නා විඤ්ඤාණය නාමරෑප ටිකකුත් සමග සතර අපායෙන් එකක පහල වේ. මක්නිසාද යත් පාණාතිපාත, අදත්තාදාන වැනි සංස්කාරයකින් හටගන්නා විඤ්ඤාණයේ ද කැමැත්ත ඇත්තේ කැපෙන කෙටෙන තැන් වලටය. අපාය ඒ සඳහා සුදුසුම තැනකි. සත්ත්වයින් අපායට අකමැති වුව ද සංස්කාරයෙන් හටගන්නා විඤ්ඤාණයට එය ප්‍රෂ්නයක් නොවේ. විඤ්ඤාණයේ බොරැ කිරීමක් රැවටීමක් නැත. කෙලින්ම ඊට සුදුසුම තැන එය හටගනියි.
• ගන්ධබ්බයා හොඳ මවුපියන් දෙදෙනෙක් ළගට පැමිණීමට බලාපොරොත් වෙනවා. ඒ නිසා ගන්ධබ්බයා දුප්පත් ගෙදරක හෝ අංගවිකලව හෝ පහත් කුලයක ඉපදිලා තමන් කැමති ආකාරයට ම ධනවත්ව වාසනාවන්තව උපතක් ලබන්න ඕනේ නේද? එවිට මේ ලෝකයේ දුප්පත් අඳ ගොලු බිහිරි අය සිටින්න බැහැ නේද? යනුවෙන් කෙනෙකුට තර්ක කල හැක. ගන්ධබ්බ අවස්ථාවක් ඇති නම් එහි සදාකාලිකව වුවද සිටිය හැකි බවටද කෙනෙකුට කිව හැක.
භව පච්චයා ජාති. භවය නිසා ජාතිය ඇති වේ. ඒ තමතමන්ට ඕනෑ විදිහට එසේ උපතක් ලැබිය නොහැක. තම තමා කළ කර්ම ශක්තියක් ඇත. ඒ කර්ම ශක්තියට අනුවම ප්‍රතිසන්ධිය ලබයි. සුදුසු මව්පිය දෙදෙනෙක් ලැබුණු විට ඒ ක්‍රියාවලිය ඉක්මන් වේ. භවය යනු කර්ම භවය සහ උපප්‍රාප්ති භවය යි. කර්ම භවය යනු කුසලාකුසල කර්මයන් ය. උපප්‍රාප්ති භවය යනු තණ්හාවේ පැවැත්ම බව පෙටකෝපදේසයේ සුත්තවෙභංගයේ සඳහන් වේ. උපප්‍රාප්ති භවය යනු කුමක් දැයි නිවැරදිව නොදන්නවුන් පවා ගන්ධබ්බයෙක් නැති බව කියන්නට යාම බුද්ධිගෝචර නොවේ.
භවයේ ලක්ෂණය නානා ගතීන්ට සත්ත්වයින් පැමිණවීම යි. හැම සත්ත්වයාම මනුෂ්‍යකු වශයෙන් ආහාරයට ඇලෙයි. වාගේම ඥාති හිතවතුන්ට තණ්හාව පවතියි. (තණ්හාවේ පැවැත්ම උපප්‍රාප්ති භවය බව පෙටකෝපදේසයේ සුත්ත වෙභංගයේ සඳහන් වේ.) කබලිංකාරාහාරයට ඇලී සිටින ගන්දබ්බ අවස්ථාව ගත කරන සත්ත්වයාට සති ගණන් මාස ගණන් ආහාර ලැබිය නොහැක. නෑදෑ හිතවතුන් ආශ්‍රය කිරීමට නැත. සිතන්න එහෙම සති ගණන් මාස ගණන් අවුරැදු ගණන් ඉන්න කොට මොන තරම් මානසික දුක්ඛයක් ලැබේ ද? එසේනම් ගන්ධබ්බ අවස්ථාවේ කෙනෙක් සදාකාලිකව සිටින්නේ කෙසේ ද?
මනෝමය ආත්ම භාව පටිලාභය සහ මෙබදු අවස්තා වල ඇති වෙන දුක පොට්ටපාද සූත්‍රය වැනි තැන් වල තථාගතයන් වහන්සේ වදාරා ඇත. දුක්ඛය ස්ඵර්ශ වී දෝමනස්සයක් ඇති වේ. දෝමනස්සය නිසා සිත පෙලයි. මේ සත්ත්වයාට උපතක් ලැබීමට අවශ්‍යව තිබේ. ඔහු මවු කුසක් වෙත ඇදී යයි. මෙබදු අවස්ථා වල පොහොසත් දුප්පත් අය සොය සොයා ඉන්න අවස්ථාවක් නැත. කර්මාණුරෑපව වේගයෙන් මවු කුසකට ඇදී යයි. භවය නිසා ජාතිය ඇති වේ. ජාතිය නිසා ජරා මරණ දුක් රැස හටගනියි. කෙනෙකු පටිච්ච සමුප්පාද ධර්මය මෙනෙහි කර මගඵලයක් ලබන විට අවබෝධය ලබනුයේ පටිචව්චසමුප්පාදයේ භව පච්චයා ජාති වැනි පුරැකකි. පටිච්චසමුප්පාදයේ එක් පුරැකක් හෝ අවබෝධ නොකර මගඵලයක් ලැබිය නොහැක. භවය නිසා ජාතිය ඇති වෙනවා යනුවෙන් පහසුවෙන් අවබෝධ කරගැනීමට ගන්ධබ්බ අවස්ථාව අත්‍යවශ්‍යය. ඒ අවබෝධය ඇති වීම වැළැක්වීම සඳහා ගන්ධබ්බ අවස්ථාව ඉවත් කර තිබේ. එය බෞද්ධයන්ගේ අවාසනාවකි.
අඳ ගොලු බිහිරි බව අංගවිකල බව ඇති කෙනෙක් ඉපදුනාට පසුවය. ගන්ධබ්බ අවස්තාවත් සමග එහි ඇති සබඳතාවක් නැත. ගන්ධබ්බයාට අනාගතංශ ඥාණයක් නැත. තමන් උපන්නාට පසු මොන වගේ තත්වයකට පත් වේ දැයි ගන්ධබ්බයා කෙසේ දනී ද?
• මවු කුසක දරුවෙකු හටගැනීමට කරුණු තුනක් සම්පූර්ණ විය යුතු බව මෙසේ මජ්ඣිම නිකායේ මහා තණ්හා සංඛය සූත්‍රයේ සඳහන් වේ. මෙහි සඳහන් ගන්ධබ්බයා යනු අන්තරාභවිකයා යි. ධර්මානුකූලව මේ ගන්ධබ්බ යන වචනය තෝරා ගන්නේ කොහොමද? සත්‍ය වශයෙන් ම ගන්ධබ්බ යනු උපතක් සොයමින් අහසේ සැරිසරන අන්තරාභවිකයෙක්ද? යන පැනයට පිළිතුරැ වශයෙන් ඇතැම් දේශකයින් අපි සියලු දෙනාම ගන්ධබ්බයින් බව වදාරා ඇත. තවත් සමහරැන් ගන්ධබ්බයා යනු විඤ්ඤාණය පමණක් බව ද පවසයි.
අපි සියලු දෙනාම ගන්ධබ්බයින් යයි තථාගතයන් වහන්සේ වදාලේ කුමන සූත්‍රයක ද? අප සියලු දෙනාම ගන්ධබ්බයින් නම් තථාගතයන් වහන්සේ මහා තණ්හා සංඛය සූත්‍රයේ උපතක් ඇති වීමට ගන්ධබ්බයෙක් වෙනුවට මනුෂ්‍යයෙක් සිටිය යුතු යයි වදාරන්නට තිබුනා නේද? මෙය තමන්ගේ තර්කය හරිය කියන්නට තමන් කැමති විදිහට වචන වල අරැත් වෙනස් කරගෙන කියන බොළඳ කථාවකි. ගන්ධබ්බයා යනු විඤ්ඤාණය යි කීම බුද්ධ දේශනාවට නොගැලපේ. රෑප වේදනා සංඥා සංස්කාර යන ස්කන්ධ සතරෙන් තොරව විඤ්ඤාණයේ යාමක් ඒමක් බැසගැනීමක් වැඩීමක් නැත. ඒ අනුව ගන්ධබ්බයා යනු රෑප වේදනා සංඥා සංස්කාර විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයක්ම බව කිව යුතුව ඇත.
• භූතා යනු ඉපදුනු සත්ත්වයින් ය. “සම්භවේසි” යනු මවුකුසේ උපදින සත්ත්වයින් මවුකුසේ සිටින තුරුම සම්භවේසී හෙවත් ඉපදෙමින් ඉන්නවා. පටිසන්ධි ගත්ත ද ඉපදීම අසම්පූර්ණ බව සමහර ධර්ම දේශකයින්ගේ මතය යි.
පටිසන්ධි ගත්තත් එහෙත් ඉපදීම අසම්පූර්ණයි බවක් මේ අය පවසති. මොවුන්ට නිවැරදිව ජාතිය අර්ථ දැක්විය හැකි ද? කෙනෙක් මවු කුස පිළිසිද ගමන්ම මිය ගියහොත් ඔහුට ජාතියක් ඇති වුණා කියා කිව හැකි ද? මවු කුස පිළිසිඳගෙන ටික වේලාවකින් මිය ගියහොත් ඔහුට ජාතියක් ඇති වුණා කියා හරියටම කිව හැකි ද? මාස ගණනකින් මිය ගියොත්, ඒ වගේම දරැවකු උපදින අවස්තාවේ මියගියොත් ජාතියක් ඇති වුණා කියා කිව හැකි ද? පටිච්ච සමුප්පාදයේ අන්තිම කෙරවලේ තියෙන ජාතිය වත් නිවැරදිව අර්ථ දක්වගන්න බැරි අසරන කමක් මොවුනට ඇත. එය අර්ථදක්වාගත නොහැකිව තථාගතයන් වහන්සේ සූත්‍රදේශනා රාශියකම වදාල ගන්ධබ්බයා නැතැයි කීමේ අර්ථයක් තිබේද? තමා නොදන්නා දේ නැතැයි කියන්නට නොගොස්, තමා නොදන්නා හැටියට පිළිගෙන සිටීම වඩාත් සුදුසු බව කිව යුතුය.
• ගන්ධබ්බ අවස්ථාව මහායාන මතයක් බව ප්‍රකාශ කරන්නවුන් ද වේ.
තථාගතයන් වහන්සේ ගන්ධබ්බයා ගැන මහ තණ්හා සංඛය සූත්‍රයේ වදාරා ඇති බව පිළිගත යුතුව තිබේ. කුතුහල සූත්‍රයේ ඉතා පැහැදිලිවම අහසෙහි සැරිසරණ මෙම ගන්ධබ්බ අවස්ථාව පිළිබඳව විස්තර කර ඇත. කුතුහල සූත්‍රය දැන ත්‍රිපිටකයේ නැති ද? එය ත්‍රිපිටකයෙන් අයින කලේ කව්ද? ඒවාගේම කරණීය මෙත්ත සූත්‍රෙයේ සම්භවේසීවා කියන පදයෙන් අදහස් කරන ලද්දේ උපතක් බලාපොරොත්තුවෙන් සිටින සත්ත්වයින් හෙවත් ගන්දබ්බයින් පිළිබඳව ය. ගන්දබ්බ අවස්තාව මහායාන මතයක් යයි කිවහොත් තථාගතයන් වහන්සේත් මහායාන බුදු කෙනෙක් කියන්නට සිදු වෙනවා නේද? මක් නිසාදයත් මේ ගන්ධබ්බ අවස්ථාව තථාගතයන් වහන්සේ වදාළ ධර්මයක් බැවිනි. මෙපමණක් නොවේ, ගන්දබ්බ අවස්ථාව දේවදූත වැනි සූත්‍ර වලත් පැහැදිළිව දක්වා ඇත.
මහණෙනි, එකිනෙකට මුහුනලා දොරවල් සහිත ගෙවල් දෙකක් තියෙනවා මේ ගෙවල් දෙක මැද්දේ සිටිනවා කෙනෙක්. ඒ තැනැත්තා මේ ගෙයින් ඒ ගෙට ඇතුල් වෙන පිටවන මනුෂ්‍යයන් දකිනවා. ඔබිනොබ හැසිරෙන සත්ත්වයින් දකිනවා යනුවෙන් දේවදූත සූත්‍රයේ තථාගතයන් වහන්සේ වදාළ සේක. මෙහි ඔබිනොබ හැසිරෙන සත්ත්වයින පිළිබඳව මනාව පැහැදිළි වේ. මනෝමය කයකින් සිටින ගන්දබ්බ අවස්තාවක් නැති නම් ඔබිනොබ හැසිරෙන සත්ත්වයින් කොයින් ද? මෙතන ඔබිනොබ හැසිරෙන සත්ත්වයින් කියන්නේ ගන්ධබ්බයින්ට. ගන්දබ්බයෙක් නැතිනම් කෙලින්ම ඒ ගෙයින් චුත වී මේ ගෙයි උපදිනවා මිසක් ඒ ගෙයින් මේ ගෙට ඇතුල් වන පිටවන සත්වයින දකින්නේ කෙසේ ද ? මේ ප්‍රශ්නයට පිළිතුරක් දිය යුතු වේ. නමුත් තමාගේ මතය සත්‍ය යයි කීමට අර ගන්දබ්බයා කියන්නේ අපි සියලු දෙනාටයි, ගන්ධබ්බයා කියන්නේ විඤ්ඤාණය පමණයි වැනි මෝඩ පිළිතුරක් නොව නිවැරදි පිළිතුරක් දිය යුතු ව ඇත.
බුදුරජාණන් වහන්සේගෙන් වජ්ජගොත්ත පරිබ්‍රාජකයා මෙසේ විමසූවේය. “මේ කයත් අතහැරියා මතු කයකට ගියෙත් නැහැ ඒ අතරතුර සත්ත්වයා කුමක් උපාදාන කරගෙන ජීවත් වේ ද?“ මේ කය අතහැරියා මතු කයකට ගියෙත් නැහැ ඒ අතරතුර තණ්හාව උපාදානය කරගෙන ජීවත් වන බව තථාගතයන් වහන්සේ වදාළ සේක. අතරක් ඇති බව තථාගතයන් වහන්සේ පිලිගත් සේක. ගන්ධබ්බ අවස්ථාව පිලිගත් සේක. එබැවින් තථාගතයන් වහන්සේ තණ්හාව උපාදාන කරගෙන ජීවත් වෙනවා යනුවෙන් වදාළ සේක. තණ්හාව උපාදානය යම් තැනක ඇති නම් එතන අවිජ්ජා, සංඛාර, විඤ්ඤාණ, නාමරෑප, සළායතන, ඵස්ස, වේදනා යන පටිච්චසමුප්පාද අංගයන් එතන ඇත. එසේ නම් මෙහි පංච උපාදානස්කන්දයක් නැතැයි කිව හැකි ද? නොහැකිය. ආයතන නැතැයි කිව හැකි ද? නොහැකිය.
• ගන්ධබ්බ අවස්තාවක් සැබවින්ම ඇති නම් ඒ අන්තරාභවයට අයිති ස්කන්ධ පහ, ආයතන දොළහ, ධාතු දහඅට, ඉන්ද්‍රිය විසි දෙක, හේතු නවය, ආහාර සතර, එස්ස හත, සඤ්ඤා හත, චේතනා හත, විඤ්ඤාණ හත විදර්ශනාවට නංවා අපට ඉදිරිපත් කරන්න යනුවෙන් ඇතැම් ධර්ම දේශකයින් අභියෝග කරණ අවස්ථා ද තිබේ.
ගන්ධබ්බයා ගැන කියන විට ගන්ධබ්බයාට ස්කන්ධ පහම තියෙන බව ඔප්පු කළෙමු. ඕපපාතිකව පහල වෙන දෙවි කෙනෙක් ගත්ත ද ඔහුටත් ස්කන්ද පහම ඇත. ඒ වගේම ගන්දබ්බයාටත් ස්කන්ධ පහ, ආයතන දොළහ, ධාතු දහඅට වැනි ධර්මයන් සාධාරණය. මේවා අමුතුවෙන් විග්‍රහ කරන්න දෙයක් නැත එහෙනම්. බොරැ අටුවා ටීකා අවශ්‍ය නැත. සාමාන්‍ය විදිහටම විදර්ශනා කර විග්‍රහ කරගත හැක.
තව ද ගන්ධබ්බ අවස්තාව පිළිගන්නවුනට මන්ද බුද්ධිකයෝය, විතණ්ඩවාදීන්ය ආදී වශයෙන් නිග්‍රහ කරණ පිරිස් ද වේ. ගන්බ්බ අවස්ථාව පිළිගන්නේ ද බුද්ධ ශ්‍රාවකයින්ම ය. මගභල ලාභීන් ද ඔවුන් අතර වේ. යම් කිසි කෙනෙක් ධර්ම විනය හදාරා ධර්ම ඥානය ඇතිකරගෙන එයින් අනුන් හෙළා දකිමින් හැසිරෙනවා නම් විෂ ඝෝර සර්පයෙක් කඳ මැදින් අල්ලා ගත්තා වැනි යයි කිව යුතුය. එසේම වරදවා අල්වා ගත් ධර්ම විනය මහත් විපත්තිය පිණිස පවතින බව කිව යුතුය.
ගන්ධබ්බ අවස්ථාව පිළිබඳව මෑත කාලයේ ද බොහේ වාද විවාද පුවත්පත් වල පල වී ඇත. එහිදී සමහර ධර්ම ධර විනය ධර ස්වාමීන් වහන්සේලා නොයෙක් ප්‍රෂ්ණ මතු කරමින් එය ප්‍රතික්ෂේප කරණ ලදී. ඒ සදහා උන් වහන්සේලා ඉදිරිපත් කරණ ලද දුර්වල තර්ක විතර්කයන් තුළ අඩුපාඩු රැසක් ඇති බව පෙනේ. කොතෙක් තර්ක විතර්ක ඉදිරිපත් කල ද තථාගතයන් වහන්සේගේ වචනය බොරැ කිරීමට ඔවුනට නොහැකි විය. මෑත කාලීනව අන්තරාභවය යයි කියා ගන්ධබ්බ අවස්තාව ප්‍රතික්ෂේප කිරීමට ඉදිරිපත් කරණ ලද තර්ක විතර්කයන් සහ ඒවායෙහි ඇති අඩුපාඩු මේ පිළිබඳ උනන්දුවක් දක්වන්න පිරිස වෙනුවෙන් මෙම ලිපියෙන් ඉදරිපත් කරන ලදී.
තෙරැවන් සරණයි !